පුතුකුඩිඉරිප්පුහි දරුණු සටන් ඇවිලේ - එල්.ටී.ටී.ටීඊ මළ සිරුරු 08 ක් හමුදාව සොයාගනේ






ඊයේ (පෙබරවාරි 24) දින කොම්බාවිල් උතුරු දෙසට වන්නට ක්‍රියාන්විතයේ නියුතු 58 වන සේනාංකයේ භට පරිස් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ගේ අවසන් ශක්තිමත් ස්ථානයට ඇතුළු වු බව ආරක්ෂක වාර්තා කරයි.

යුද හමුදා ආරංචි මාර්ගවලට අනුව යුද හමුදාව සාර්ථක ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන අතර එල්ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් දරුණු පරාජයට පත්ව ඔවුන්ගේ අවි ආයුධ, මළ සිරුරු සහා තුවාල කරුවන් පවා අතහැර දමා ප්‍රදේශයෙන් පලායන බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

පසුව කරන ලද සෝදිසි කිරීම් මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 08 ක්, ටී - 56 වර්ගයේ අවි 08 ක්, ටී - 81 වර්ගයේ අවි 01 ක් සහ අයිකොම් සෙට් 02 ක් සොයගැනීමට මෙහෙයුමේ නිරිත භට පිරිස් සමත් විය.

Comments

Popular posts from this blog

Scrubs S07 DVDRip XviD-ORPHEUS

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

UEFA Champions League Goals 2009 09 30 WS PDTV XviD-433