කොළඔ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණී එල්.ටී.ටී.ඊ. ගුවන් යානා දෙකම විනාශකරයි






පෙබරවාරි 20 පස්වරු 9.45 ට පමණ කොළඹ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ගුවන්යාන දෙකම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්වී තිබේ. ඉන් එක් ගුවන් යානයක් දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කර පලායන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු ගුවන් හමුදාව ප්‍රහාර දියත් කර එම ත්‍රස්තවාදී ගුවන් යානය විනාශ කර බිම හෙලීමට සමත් විය.

එසේම සාර්ථක හමුදා ප්‍රහාර හමුවේ පලායාමට [Click to magnify/shrink] උත්සාගත් අනෙක් ත්‍රස්තවාදී ගුවන් යානයටද බිම හෙලීමට කටුනායක ගුවන් හමුදා භට පිරිස් සමත් වු බව හමුදා ආරංච් මාර්ග සඳහන් කරයි. මෙහිදී යානය පැදවූ ත්‍රස්තවාදියාගේ මළ සිරුර කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

මෙම ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරයෙන් 47 දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල අතර, ඉන් බරපතල තුවාල ලැබු දෙදෙනෙකු මියගොස් ඇති බව රෝහල ආරංචි මාර්ග සඳහන් කරයි.

‍ෙම් අතර කටුනායක ප්‍රහාරයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. පසුව මෙයින් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

Comments

Popular posts from this blog

Scrubs S07 DVDRip XviD-ORPHEUS

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

UEFA Champions League Goals 2009 09 30 WS PDTV XviD-433