Posts

Showing posts from September 10, 2009

Mind Your Language

Image
හුග කාලෙකට කලින් (මට මතක හැටියට 1993/94 වගේ) අයි ටී එන් එකේ ගිය කොමඩි සීරීස් එක ඕගොල්ලන්ට මතකද? අපි නම් පොඩියි එතකොට. දන්නැති කට්ටියට කියන්නම්. පාර්ට් ‍ටයිම් ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවා. ඒකේ ඉගෙ න ගන්න ඉන්නේ ඔක්කොම පිට රටවලින් එංගලන්තයට ආපු උදවිය. මේගොල්ලො එක්කෙනෙකුවත් හරියට ඉංග්‍රීසි ලියන්න කියන්න බැහැ. මේගොල්ලො ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිහින් එක එක කරදර වල පැටලෙනවා. ඉතිං මේගොල්ලන්ගේ ගුරා තමයි මිස්ටර් බ්‍රවුන්. මෙයාට තමයි හැම තිස්සෙම මේ කට්ටියව බේරගන්න සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට මිස්ටර් බ්‍රවුන්ට මේගොල්ලො හින්දා උසාවි යන්නත් සිද්ධ වෙනවා. ඔය වගේ අපූරු සිද්ධි ගොඩක් මේකේ කතා වල අන්තර්ගත වෙලා තියෙනවා. ඇත්තටම හිනා යන එකනම් නවත්තන බැහැ මේක බලනකො‍ට. මේක මම කියනවට වඩා වටිනවා බලලම හිටියනම්. දැන් ලංකාවේ කට්ටියකුත් (ප්‍රසිද්ධ නාලිකාවක්) මේක අනුකරණය කරලා සීරීස් එකක් කරනවා. ඒත් අපේ කට්ටිය කරපු එක, 1977 අඩු තාක්ෂණය යටතේ (දැන් තියෙන තාක්ෂණයත් එක්ක බැලුවහම) කරපු මේ නිර්මාණයට ගෑවෙන්නවත් තියන්න බෑ. හරියට කොපි කරන එකවත් හරියට කරලා නෑ කියල තමයි කියන්න වෙන්නේ. හික්ස්..... එක කථාවක් බැලුවොත් ඔක්කොම බලල