Posts

Showing posts from March 30, 2009

මෙතරම් මානුෂික මෙහෙවරක් කරන හමුදාවක් ලොව කොහෙවත් නෑ

කොටින්ගෙන් මිදී එන සිවිල් වැසියෝ කියති කොටි ග‍්‍රහණයේ වසර තිහකට අධික කාලයක් නොයෙක් වදහිංසා විදිමින් ගත කළ තම ජීවිත මේ මොහොත වන විට සැබෑ නිදහස විදීම ආරම්භ කර ඇතැයි කොටි ග‍්‍රහණයේ සිට පැමිණි සිවිල් වැසියෝ පවසති. දුක් මහන්සියෙන් හම්බකර ගත් මුදල තමන් ළඟ තබා ගැනීමට හැකියාවක් නොතිබුණු මේ අහිංසකයන් ගේ මුහුණු වල අනාගත බලාපොරොත්තු මේ වන විට ඇති වී තිබේ. 2009 වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (මාර්තු 29) පෙරවරු වන තෙක් ගත වූ කාලයේ දී කොටි ග‍්‍රහණයේ සිටි සිවිල් වැසියන් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණ තිබුණි. මොවුන් ගෙන් වැඩි පිරිසක් කොටි ග‍්‍රහණයෙන් පැමිණෙන අවස්ථාවේ කොටින් විසින් වෙඩි තබා තිබූ අතර යුද හමුදාව එම කොටින්ට ප‍්‍රහාර එල්ල කර සිවිල් වැසියන් බේරා ගැනීමට සමත් වූහ. මෙලෙස කොටි ප‍්‍රහාරවලට ලක්වී තුවාල ලැබූ සිවිල් වැසියන් තුන්දහස් පන්සියයකට වැඩි පිරිසක් මේ මොහොත වන විට රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබති. වවුනියාව, අනුරාධපුර, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය ඇතුළු ප‍්‍රදේශ රැසක පිහිටි රෝහල්වල මොවුහු මෙලෙස ප‍්‍රතිකාර ලබති. යුද හමුදාව මේ පිරිස කොටි ග‍්‍රහනයෙන් මුදාගෙන වහාම රෝහල් වෙත යොමු නොක