Posts

Showing posts from March 10, 2009

චලෙයි දකුණු ප්‍රදේශයේ ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන්ගේ මළසිරුරු 150කට වැඩි ගණනක් සොයාගනී

Image
මුලතිව් යුද පෙරමුණේ ච‍ෙලයි දකුණු ප්‍රදේශයේ සහ පුදුමාතලන් ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 05) සිට ඇතිවූ ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 200කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් බරතල තුවාල ලබා ඇති අතර, මළසිරුරු 150කට වැඩි ප්‍රමාණ‍යක් භට පිරිස් විසින් මේ වන විට සොයාගෙන ඇත. මෙම සාර්ථක ප්‍රහාරය 58 වන සේනාංකයේ භට පිරිස්, 55 සේනාංකය, විශේෂ කාර්ය බළකාය සහ කොමාන්ඩෝ භට පිරිස් ඒකාබද්ධව එල්ල කළ අතර, ප්‍රහාරයෙන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. චලෙයි දකුණු ප්‍රදේශයේ යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල බිද දමමින් ඊයේ (මාර්තු 08) ඉදිරියට ඒමට උත්සාහ කළ ත්‍රස්වාදීන්ට භට පිරිස් විසින් එල්ල කල දැඩි ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තවාදීන් 100 කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. චා‍ෙලයි ප්‍රදේශයේ සිට ඉදිරියට ඇ‍ඳෙන භට පිරිස් සිටින ඉදිරි ආරක්ෂක වළල්ල බිඳහෙලීමට යුදමුක්ත කලාපයේ වූ පුදුමාතලන් වෙරළ තීරය දිගේ පැමිණි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැඩි උත්සාහයක නිරත විය. යුද බිමේ බුද්ධි අංශ වාර්තා සහ ගුවන් සංඥා මඟින් තහවුරු කරගත් තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ. ත