Posts

Showing posts from February 11, 2009

Our Heritage - කළුතර පූජනීය බෝධීන් වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු බිඳක්……

Image
මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි.එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය.එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ. කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ.ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි. කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය.19 සියවස අගදී මෙහි ප

Our Heritage - කැළණිය

Image
කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය.එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය.කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි.කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ. තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත. තවද සෑම

LTTE Fire at Fleeing Civilians: 19 killed, 75 Injured

Image
Tamil Tigers on Tuesday went on a shooting rampage, killing 19 Tamil civilians and wounding 75 others apparently to stop them from fleeing as thousands of refugees streamed out of Sri Lanka's war zone in the Wanni region for safer places. Survivors of the attack who arrived at a military position narrated how Tigers fired at them as they tried to cross the frontlines, Army spokesman Udaya Nanayakkara said. They were part of a group of about 1,000 civilians who brought these 19 bodies, and said the LTTE cadres opened fire to stop them seeking shelter with the security forces, he added. Nanayakkara said the incident happened at around 6 to 7 am in Udayarkattu area in Pudukudiyyrippu in the northern Wanni region. This was the second major attempt by the Tigers to stop the Tamil civilians, who international agencies believe are being held as human shields. In a dastardly attack, condemned worldwide, a LTTE female suicide bomber blew herself up on Monday in a refugee centre killing 29 p

Army troops captured Kuravilkulam

Image
The 574 Brigade troops of the 57 Division under the command of Major General Jagath Dias entered the west of Kuravilkulam build-up yesterday afternoon (10) and recovered on container full of MPMG guns and T-56 ammunition form the area. Troops of the 8 SLLI (Sri Lanka Light Infantry) successfully facing the LTTE resistance for two days moved southwards from the A-35 road and captured the Kuravilkulam intersection from where a few roads branch out to different directions. This area is the main LTTE stronghold to the immediate west of Puthukudiyirippu. Millitory spokesmen says fighting between the 574 Brigade troops and LTTE cadres are still going on.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන සැකකරුවෙක් මැදවච්චියේදී කොටුවේ

විශ්‍රාමික හමුදා නිළධාරී මේජර් ජෙනරාල් ජ‍ානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගිය වසරේදී අනුරාධපුර ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් ශ්‍රී ලංතා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. පොලිස් ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි නෙසියකුලම් - මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අබුසාලි ජබීර් ලෙස හඳුනා ගෙන ඇති මෙම සැකකකරු විසින් මන්ද බුද්ධික මරා‍ගෙන මැරෙන බෝම්බකරු සිය භාරයේ සෙට්ටිකුලම සිට මැදවච්චිය ප්‍රදේශයට රැගෙන විත් වෙනත් අයෙක් වෙත ඔහුව භාර දී තිබිණි. ඊයේ (පෙබරවාරි 10) දින අළුයම 5.15 ට පමණ සියඹලාන්ඩුව, නෙරියකුලම පොලිස් මාර්ග ඝාධකයේදී මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ බව වැ‍ඩි දුරටත් එම ආරංචි සඳහන් කරයි. මේජර් ජෙනරාල් ජානක පෙරේරා, එම මැතිණිය ඇතුළු 23 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 6 වෙනිදා එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර කාර්යාලයේදී බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත් කරනු ලැබිණි.

මුලතිව් ත්‍රස්ත මර්ධන මෙහෙයුම් අඛණ්ඩව

මුලතිව් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන යුද හමුදා කාර්ය සාධක බළකා 2 හි භට පිරිස් ඊයේ (පෙබ 9) දිනයේ දී විශ්වමඩු ප්‍රදේශයේ ‍ත්‍රස්ත ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කිරීමට සමත් විය. කාර්ය සාධක බළකා 2 ට අයත් ස්නයිපර් ප්‍රහාරකයින් එල්ල කළ ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරා දැමූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. තවද මෙම ප්‍රදේශයේදීම දෙපාර්ශවය අතර මුහුණට මුහුණ ලා හට ගත් සටනකින් ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි. කුප්පිලන්කුලම ප්‍රදේශයේ දී යුද හමුදාවෙන් එල්ල කළ ස්නයිපර් ප්‍රහාරයකින් කොටි ත්‍රස්තවාදියෙකු මිය ගොස් ඇති අතර එම ප්‍රදේශයේ දී හට ගත් වෙනත් ගැටුමකින් ද ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

මරාගෙන මැරෙන ප‍්‍රහාරය අමෙරිකාව හෙළා දකියි

මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ සුබසාධන කඳවුරක් අසලදී ඊයේ (පෙබ. 09) පෙරවරුවේදී දෙමළ සිවිල් වැසියන් මරණයට පත් කරමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදුකරමින් එල්.ටී.ටී.ඊය විසින් එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය අමෙරිකාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකියි. අමෙරිකන් තානාපති කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්වේ. බලහත්කාරයෙන් මිනිස් පළිහක්සේ රඳවාගෙන සිටින ජනතාවට රජයේ පාලන ප‍්‍රදේශවලට නිදහසේ පැමිණීමට අවස්ථාව සලසන ලෙසත් එල්.ටී.ටී.ඊයෙන් ඉල්ලා සිටින බවත් එහි සඳහන්වේ. දිනමිණ ඇසුරෙනි.

කොටි ත‍්‍රස්තවාදීන්ට කිසිදු අනුකම්පාවක් කරන්නේ නෑ. ඉන්දීය රජය අවධාරණය කරයි

කොටි ත‍්‍රස්තවාදීන් පිළිබඳව තමන්ට කිසිදු අනුකම්පාවක් නැතැයි ඉන්දීය රජය අවධාරණය කරයි. ඉන්දීය විදේශ ඇමැති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා නවදිල්ලි අගනුවරදී පෙරේදා (8) මේ බව අවධාරණය කෙළේය. ඉන්දිය කොන්ග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සමුළුවකදී විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය. කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඉන්දියාවට පිටුවහල් කරන ලෙස වසරක් පාසා ඉන්දීය රජය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද මෙහිදී පැවැසු මුඛර්ජි මහතා ඉන්දීය රජය කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කැර ඇතැයිද සඳහන් කෙළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැති බව තවදුරටත් සඳහන් කළ ඉන්දීය විදේශ කටයුතු ඇමැති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා එම සංවිධානය හා ප‍්‍රභාකරන් විසින් සිවිල් වැසියන්ට කරන හිංසා පීඩා කාටත් වැටහෙන බවත් කියා සිටියේය. දිනමිණ ඇසුරෙනි.

සයිප්‍රසයේ කොටින්ට එරෙහිව උද්ඝෝෂණ

Image
ශ්‍රී ලාංකික සුභ සාධක සංගමයේ සභාපති වජිර වික්‍රමසිංහ මහතා සයිප්‍රස් මාධ්‍යයන්ට අදහස් දක්වමින්. මුලතිව් මුදා නොගත් ප්‍රදේශ වල බලහත්කාරයෙන් සිර කරගෙන සිටින දමිළ සිවිල් වැසියන් නිදහස් කරන්නැයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට බල කරමින් සයිප්‍රසයේ වාසය කරන ශ්‍රී ලාංකික‍යින් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඊයේ (පෙබ 8) දිනයේ දී එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලාංකිකයින් 3000 කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා සඳහන් කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ සුභ සාධක සංගමය විසින් සයිප්‍රසයේ දී පැවැත්වූ විශාලතම උද්ඝෝෂණය මෙය වන බවද වාර්තාවන පෙන්වා දෙයි. සයිප්‍රසයේ සියලුම නගර වල වාසය කරන ශ්‍රී ලාංකිකයන් නිකෝසියා නගරයට එක්රැස් වී සාමාකාමී ලෙස උද්ඝෝෂණය පවත්වා ඇත. උද්ඝෝෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සහ කොටි ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් සිරකර තබා ගනිමින් සිදු කරන ම්ලේච්ඡ ක්‍රියාවන් පිළිබඳ විස්තර ඇතුලත් ප්‍රකාශයනක් සයිප්‍රසයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත භාර දීමට උද්ඝෝෂණයට සහභාගී වූවන් කටයුතු කර තිබේ. කොටි ත්‍රස්තවාදීන් විසින් සිර කර ගෙන සිටින අහිංසක සිවිල්

සිවිල් වැසියන් 4500 කට අධික පිරිසක් ආරක්ෂක අංශ වෙත භාර වෙති

ගෙවී ගිය පැය 24 තුලදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිරකර ගෙන සිටි දමිළ සිවිල් වැසියන් 4701 කට අධික පිරිසක් ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පලා විත් ආරක්ෂක අංශ වෙත භාර වී තිබේ. ආරක්ෂක හමුදාවන් තව දුරටත් මෙහෙයුම් දියත් කරමින් මුදා නොගත් ප්‍රදේශ වෙත ඇතුළු වීමත් සමග සිවිල් වැසියන් කොටි ග්‍රහණයෙන් මිදී පලා ඒම ඉහළ ගොස් තිබේ. මෙම පිරිස මුලතිව්, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිර වී සිටි පිරිසකි. මෙම පිරිසට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපයීමෙන් පසු වව්නියාව සුභ සාධක කඳවුරු වෙත යොමු කර ඇත. පහසුකම් කොටි ග්‍රහණයෙන් මිදී පලා එන සිවිල් වැසියන් සඳහා අවශ්‍ය වන සියලුම පහසුකම් සැපයීමට ආරක්ෂක අංශ සහ දිස්ත්‍රික් ලේකම් කටුයුතු යොදා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ආරක්ෂක අංශ විසින් සිවිල් වැසියන්ට පලා ඒමට අවශ්‍ය මාර්ගයන් විවෘත වන අයුරින් මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් කොටි ග්‍රහණයෙන් මිදී පලා ඒමට සිවිල් වැසියන්ට පහසු වී ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

දෙමළ සාමාන්‍ය වැසියන් ට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Image
මුලතිව් හි විශ්වමඩු උතුරු ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය ජනතාව රැඳී සිටින සුභසාධන කඳවුරක අද (පෙබ. 09) 11.40 ට පමණ සිදුවූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 29 ‍ෙදනෙකු මියගොස් තවත් සාමාන්‍ය වැසියන් 40 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 64 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවතම වාර්තා සඳහන් කරයි. මෙම මියගිය පිරිස අතර යුද හමුදා කාන්තා සෙබළියන් තිදෙනෙකුද සිටින බව වාර්තා වේ. තුවාලකරුවන් ගිලන් රථ මගින් කිලිනොච්චි රෝහල වෙත රැගෙන ගොස් ඇත. කොටි ග්‍රහණයෙන් මිඳී පලා එන සිවිල් වැසියන් දහස් ගණනක් අතරේ පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකාරිය, යුද හමුදා සෙබළුන් සාමාන්‍ය වැසියන් පරීක්ෂා කරන අතරතු [Click to magnify/shrink] රේදී මෙම බෝම්බය පුපුරවාගෙන ඇත. මෙම පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම අවස්ථාවේදී කාන්තාවන් හා කුඩා ළමයින් විශාල පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිට ඇත. එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිඳී ආරක්ෂක රැකවරණ පතා පැමිණෙන සාමාන්‍ය වැසියන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇති බව යුද විශ්