Posts

Showing posts from August 11, 2009

ඔබටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබෙනවාද?

Image
ගමන් බලපත්‍රයක් ගැන මුලින්ම සදහන් වෙන්නේ හීබ්‍රෘ බයිබලයෙහිය . ක්‍රි. පූ. 450 වසරේ පර්සියානු ර‍ජෙක් වෙත පැමිණි තවත් දේශයකට යාමට අවසර ඉල්ලා සිටියේය. රජු ඔහුට කරදරයක් නොමැතිව යන්නට ඉඩ දෙන්නැයි ලිපියක් දුන්නේය. එය ප්‍රථම නිල නොවන ගමන් බලපත්‍රය ලෙස හැදින්විය හැකිය. රටකින් තවත් රටකට යන විට මේ පැමිණෙනුයේ තම රට වැසියෙක් බවත් ඔහුට කරදරයක් නොමැතිව යන්නට ඉඩ දෙන ලෙස‍ටත් එම ගමන් බලපත්‍රයෙන් අපේක්ෂා කෙරේ. මිසර රාජ්‍යයේ වැසියන්ට මෙවැනි ලිපි රජවරැන් විසින් ලබා දුන් බව කියවේ. ගමන් බලපත්‍රයක් ලෙසට අද සලකනු ලබන ලියවිල්ලකට සමාන වාර්ථා හා විධිමත් ලියවිල්ලක් ප්‍රථම වරට සම්පාදනය වූයේ 14 වන සියවසේදීය. V වන හෙන්රි රජු එංගලන්තයේ පාලනය කරනු ලැබූ සමයේ ගෙන ආ 1414 ලියවිල්ලෙන් ගමන් බලපත්‍ර එලි දැක්විණි. ආරක්ෂිත වැඩ පිලිවෙලක් ලෙස හැදින්වූ මෙම ලියවිල්ලෙන් ගමන් කරන්නාට මෙන්ම ඔහු යන රටේ අයගෙන්ද ඇතැම් කාරණා අපේක්ෂා කරන ලදී. ජාතීන්ගේ සංවිධානය මගින් විදේශ ගමන් බලපත්‍රයන් නිකතව ගැන 1920-1926-1927 යන වසර වල ජාතීන් සමග සාකච්ඡා වුනි. අතීතයේ ගමන් බලපත්‍රයක් අත්‍යාවශ්‍යම කාරණයක් නොවුණි. 1963 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ