Posts

Showing posts from February 25, 2009

පුතුකුඩිඉරිප්පුහි දරුණු සටන් ඇවිලේ - එල්.ටී.ටී.ටීඊ මළ සිරුරු 08 ක් හමුදාව සොයාගනේ

Image
ඊයේ (පෙබරවාරි 24) දින කොම්බාවිල් උතුරු දෙසට වන්නට ක්‍රියාන්විතයේ නියුතු 58 වන සේනාංකයේ භට පරිස් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින්ගේ අවසන් ශක්තිමත් ස්ථානයට ඇතුළු වු බව ආරක්ෂක වාර්තා කරයි. යුද හමුදා ආරංචි මාර්ගවලට අනුව යුද හමුදාව සාර්ථක ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන අතර එල්ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් දරුණු පරාජයට පත්ව ඔවුන්ගේ අවි ආයුධ, මළ සිරුරු සහා තුවාල කරුවන් පවා අතහැර දමා ප්‍රදේශයෙන් පලායන බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි. පසුව කරන ලද සෝදිසි කිරීම් මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු 08 ක්, ටී - 56 වර්ගයේ අවි 08 ක්, ටී - 81 වර්ගයේ අවි 01 ක් සහ අයිකොම් සෙට් 02 ක් සොයගැනීමට මෙහෙයුමේ නිරිත භට පිරිස් සමත් විය.

3 කාර්ය සාධක බලකා භට පිරිස් ත්‍රස්ත අවි අයුධ අත්පත් කර ගනිති

මෑතදී මුදා ගන්නා ලද ප්‍රදේශයන්හි බලය තහවුරු කිරීමේ මෙහෙයුම් හී නිරත 3 කාර්ය සාධක බලකා භට පිරිස් පලා යන ත්‍රස්තවාදීන් විසින් අතරමග දමා පලා යන ලද අවි අයුධ තොගයක් ඊයේ (පෙබරවාර 24) දින ඉරණමඩු, අම්පකාමම් හා මාන්කුලම් යන ප්‍රදේශයන්ගෙන් අනාවරණය කර ගැනීමට සමත්ව ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. කිලෝ 4 ක් බරැති ක්ලේමෝ බෝම්බයක් එදින උදෑසන අම්පකාමම් ප්‍රදේශයේදී 573 බලසේනාව යටතේ ස්ථාපිත 28 ජාතික ආරක්ෂක බලමුළුව විසින් සොයා ගනු ලැබිණි. ඒ අතර, එම බල සේනාවටම අනුයුක්ත 5 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් ඉරණමඩු ප්‍රදේශයේදී අත් බෝම්බ 4 ක් අනාවරණය කර තිබිණි. මි.මී. 81 වර්ගයේ මෝටාර් බෝම්බ 3 ක් 631 බල සේනාව යටතේ මෙහෙයුම්වල නිරත 2 විජයබා පාබල රෙජිමේන්තුව විසින් අත්පත් කර ගනු ලැබූ බව ආරක්ෂක වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත.

පුතුකුඩිඉරුප්පු බටහිරින් තවත් අවි ආ‍යුධ තොගයක් හමුවේ

2 කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාන්විතයන්ගේ නිරත 621 හා 622 බලසේනා විසින් ඊයේ (පෙබරවාරි 24) දින සිදු කරන ලද සෝදීසී මෙහෙයුම් වලදී අවි ආයුධ තොගයක් සොයා ගනු ලැබ ඇත. ආර්.පී.ජී. පතුරම් 1 ක්, ටී-56 පතුරම් 500 ක්, අත්බෝම්බ 3 ක් හා ට්‍රැක්ටරයක් ඊයේ උදෑසන පානයිනින්ඩන්කුලම් ප්‍රදේශයේදී 621 බලසේනාවට අයත් 7 ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් අනාවරණය කර ගනු ලැබිණි. ඒ අතර, පුතුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට අයත් දෙවන හා තෙවන ආරක්ෂක සීමා ආසන්නයේ සෝදීසි මෙහෙයුම් සිදු කළ 18 විජයබා බල ඇණියට අයත් භට පිරිස් යතුරු පැදියක් හා ජනක යන්ත්‍ර 2 ක් අනාවරණය කර ගෙන ඇත. මින් එක් ජෙනරේටරයක් කිලෝවොට් 0.3 ක් ද අනෙක කිලෝවොට් 0.5 කද ධාරිතාවයෙන් යුතුවිය. 18 විජයබා භට පිරිස් විසින්ම එදින සවස් යාමයේදී පුතුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේදී ටී-56 ගිනි අවියක් හා වතුර පෝම්පයක් අනාවරණය කර ගැනීමට සමත් වූ බව වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර බලපෑම් එල්ල කරනවා

එ.ජා. නියෝජිත ජෝන් හෝල්ම්ස් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහා ලේකම් සර් ජෝන් හෝල්ම්ස් මහතා පසුගියදා ආපදා කළමනාකරණ හා මානවහිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා හමුවිය. එහිදී උතුරේ මානුෂීය මෙහෙයුම් වලදී අවතැන්වන සිවිල් ජනතාවට ලබාදෙන ආධාර වැඩපිළිවෙළ හා සිවිල් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවරයන් පිළිබඳව මහින්ද සමරසිංහ මහතා කරුණු පැහැදිලි කෙළේ ය. ඊට අමතරව එල්.ටී.ටී.ඊ.පාලන ප‍්‍රදේශවල බලෙන් සිර කැරගෙන සිටින අහිංසක ජනතාව නිදහස් කැර ගැනීම සඳහා ජාත්‍යන්තරයෙන් ප‍්‍රබල බලපෑමක් කළ යුතු බව කියා සිටි ඇමැතිවරයා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් යුරෝපා සංගමය, අමෙරිකාව,බි‍්‍රතාන්‍ය ඇතුළු ප‍්‍රබල රටවල සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද සමරසිංහ ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේ ය. යුරෝපයේ ජීවත්වන දෙමළ වැසියන්ට පණිවිඩයක් යවමින්, ඔවුන්ගේම සහෝදර ජනතාව එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් මේ අවස්ථාවේදී ඉතා කෘර ලෙස බලෙන් රඳවාගෙන සිටින බැවින් එම කි‍්‍රයාවලිය වහා නතරකර, අහිංසක සිවිල් ජනතාවට ඔවුන් කැමති ප‍්‍රදේශයකට යෑමට අවස්ථාව ලබාදීමට බලකරන ලෙසට ඉල්ලීමක් කෙළේ ය. අහිංසක සිවිල් ජන