Posts

Showing posts from February 21, 2009

මුදාගත් ප‍්‍රදේශවලට එන සිවිල් වැසියන්ට කරන සැලකීම ප‍්‍රශංසනීයයි මෙහෙම සලකන රටක් ලෝකයේ තවත් නෑ!

Image
වන්නියට ගිය එ.ජා. නියෝජිතයා කියයි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ගේ ග‍්‍රහණයෙන් මුදාගත් අහිංසක දෙමළ ජනතාව රැක බලා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින්ගෙන තිබෙන පියවර පිළිබඳව මානුෂීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් ශ‍්‍රීමත් ජෝන් හෝම්ස් මහතා දැඩි ප‍්‍රසාදය පළ කරයි. ශ‍්‍රී ලංකා රජයේ නිල ආරාධනය අනුව මෙහි පැමිණි ශ‍්‍රීමත් ජෝන් හෝම්ස් මහතා ඉකුත් සිකුරාදා වවුනියාවේ කළ සංචාරයකදී මේ බව පවසා තිබේ. එහිදී ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගත් දෙමළ ජනතාව පදිංචි කැර තිබූ කඳවුරු රැසක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ගේ නිරීක්ෂණයට ලක් විය. ව වුනියාවේ පිහිටි ලක්ෂ්මන් කදිර්ගාමර් සහන ගම්මානයට ගිය එ.ජා. නියෝජිතයා එම ජනතාවට රජය විසින් ලබාදී තිබෙන පහසුකම් පිළිබඳව ප‍්‍රශංසාත්මක ලෙස අදහස් පළ කෙළේය. මේ අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ ඇමැති රිෂාද් බදුර්දීන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද වවුනියාවේ ප‍්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන් රැසක් එක්වූහ. ත‍්‍රස්තවාදීන් සමඟ දරුණු යුද්ධයක් කෙරෙමින් පවතින අතරතුර පවා එම ප‍්‍රදේශවල ජීවත්වන සිවිල් ජනතාව ගේ සුබසාධනය හා ආරක්ෂාව සඳහා මේ ත

කොළඔ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණී එල්.ටී.ටී.ඊ. ගුවන් යානා දෙකම විනාශකරයි

Image
පෙබරවාරි 20 පස්වරු 9.45 ට පමණ කොළඹ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පැමිණි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ගුවන්යාන දෙකම විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත්වී තිබේ. ඉන් එක් ගුවන් යානයක් දේශිය ආදායම්බදු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කර පලායන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වු ගුවන් හමුදාව ප්‍රහාර දියත් කර එම ත්‍රස්තවාදී ගුවන් යානය විනාශ කර බිම හෙලීමට සමත් විය. එසේම සාර්ථක හමුදා ප්‍රහාර හමුවේ පලායාමට [Click to magnify/shrink] උත්සාගත් අනෙක් ත්‍රස්තවාදී ගුවන් යානයටද බිම හෙලීමට කටුනායක ගුවන් හමුදා භට පිරිස් සමත් වු බව හමුදා ආරංච් මාර්ග සඳහන් කරයි. මෙහිදී යානය පැදවූ ත්‍රස්තවාදියාගේ මළ සිරුර කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ තිබී සොයාගෙන තිබේ. මෙම ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරයෙන් 47 දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල අතර, ඉන් බරපතල තුවාල ලැබු දෙදෙනෙකු මියගොස් ඇති බව රෝහල ආරංචි මාර්ග සඳහන් කරයි. ‍ෙම් අතර කටුනායක ප්‍රහාරයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. පසුව මෙයින් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.