විශ්වමඩු ප්‍රදේශයෙන් යුද උපකරණ රැසක් සොයාගනී මෑතකදී මුදාගත් විශ්වමඩු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් වල නිරත 571, 572, හා 574 බළ සේනාංක වලට අයත් රණ විරුවන් විසින් ත්‍රස්තවාදීන්ට අයත් විශාල අවි ආයුධ හා වාහන තොගයක් සොයා ගැනීමට හැකිවී තිබේ. විශ්වමඩු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමේ නිරත 571 වන බල සේනාංකය විසින් ත්‍රස්තවාදීන් විසින් පළා යාමේදී අත්හැරදමා ගිය පහත සඳහන් උපකරණ සොයා ගැනීමට ඊයේ (පෙබ. 16) සමත්විය. උපකරණ ප්‍රමාණය යුද ටැංකි නාශක බෝම්බ 01 ආර්පීජී බෝම්බ 14 ක්ලේමෝ බෝම්බ 01 ටී-56 පතරොම් 6250 අත් බෝම්බ 27 ඩෙටනේටර් 10 විශ්වමඩු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පතරොම් නිෂ්පාදනාගාරයක් සොයා ගැනීමට 572 වන බල සේනාවේ සෙබළු සමත්විය. මෙහිදී මැෂින් 07ක් මේ සඳහා භාවිතා කර තිබෙන බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මේ අතර භට පිරිස් විසින් ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කල වාහන, ඇසිඩ් බැරල් ඇතුළු බොහෝ යුද උපකරණ සොයා ගැනීමට සමත්වී තිබේ. උපකරණ ප්‍රමාණය ටොයෝටා ඩබල් කැබ් රථ 01 නිසාන් කැන්ටර් රථ 01 මි.මි. 81 මෝටාර් බෝම්බ 04 මි.මි. 60 මෝටාර් බෝම්බ 12 යුද ඇඳුම් 50 හඳුනානොගත් ඇසිඩ් ලීටර් 15 කෑන් 15 හඳුනානොගත් ඇසිඩ් ලීටර් 20 කෑන් 10 ම...