Posts

Showing posts from February 15, 2009

කොටින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණ

Image
එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් “ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලාංකිකයන්” යන සංවිධානය විසින් ඊයේ (පෙබ 14) දිනයේ දී ලන්ඩන් නුවර දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත් වූ බව වාර්තා සඳහන් කරයි. මෙම උද්ඝෝෂණයේ පරමාර්ථය වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් අහිංසක දමිළ සිවිල් වැසියන් බලහත්කාරයෙන් සිර කරගෙන මිනිස් පළිහක් ලෙස භාවිතා කරමින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලලංඝණය කිරීම් වලට විරෝධය දැක්වීමයි. මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලාංකිකයින් 4000 ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර උද්ඝෝෂණය ඉතාමත් සාමකාමී අයුරින් පවත්වා ඇත. උද්ඝෝෂණයෙන් අනතුරුව අත්සත් දහස් ගණනකින් යුතු සංදේශයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයට භාර දීමට ද සංවිධාකයින් කටුයුතු සැලසුම් කර තිබුණි. මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු සිය සිරුරට ගිනි තබාගෙන උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වූවද පොලීසියේ මැදිහත්වීම නිසා එම ප්‍රයත්නය වැළකී ගොස් ඇත.

මුහුදු කොටින්ගේ ප්‍රහාරක බෝට්ටු 2ක් ගුවන් ප්‍රහාරයෙන් විනාශයි

මුලතිව් කලපුවේ උතුරු ප්‍රදේශයේ වූ මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා පෙළකට ගුවන් හමුදාව විසින් අද (පෙබ 15) දහවල් 1 ට පමණ ප්‍රහාරයක් එල්ල කර ඇත. මිග් 24 ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා දෙකක් විනාශයට පත්ව ගිලී ගොස් ඇති අතර තවත් යාත්‍රාවකට හානි සිදු වූ බව ගුවන් හමුදාව පවසයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් 2006 වර්ෂයේ දෙසැම්බර් මස 23 වන දින පැහැර ගත් ජෝර්දාන් වෙළඳ නැවක් වූ “ෆාරා 3” නෞකාව ගිලී තිබෙන මුලතිව් වෙරළ ආසන්නයේ මෙම ප්‍රහාරක යාත්‍රා තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා ආරක්ෂක අමාත්‍යාංශයීය වෙබ් අඩවියට පැවසීය.

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් විනාශ කිරීමට කොටි ගත් උත්සාහය ව්‍යර්ථ කෙරේ - යාපනය

යාපනය, අච්චුවේලි අවරන්කල් ප්‍රදේශයේ දී විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරුවා හැරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරියේ නිරත වී සිටි යුද හමුදා සෙබලුන් සමත් වී තිබේ. ඊයේ රාත්‍රී 10.40 ට පමණ ත්‍රස්තවාදීන් විසින් මෙම උත්සාහය දරා ඇති අතර යුද හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ට්‍රාන්ස්ෆෝමරය පිපිරවීමට පැමිණි ත්‍රස්තවාදීන් දෙදෙනකු මරුමුවට පත්ව ඇත. ට්‍රාන්ස්ෆෝමරය අසල වූ යුද හමුදා මුරපොල වෙත සුළු අවි යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර හමුදා භටයින්ගේ අවධානය ඒ දෙසට යොමු කරවා ට්‍රාන්ස්ෆෝමරය පුපුරුවා හැරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කොට ඇත. නමුත් වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශය වටලා ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇත. පසුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් ටී 56 ගිනි අවි 2ක්, මැගසින් 4ක්, ජීපීඑස් උපකරණයක්, මාලිමාවක්, අත්බෝම්බ 6ක්, අයිකොම් වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්, සයනයිඩ් කරල් 3ක්, රාත්‍රී දුර දක්නයක්, බැටරි සහ තවත් යුද උපකරණ රැසක් සහ වෛද

සරණාගතයන් ගමන් ගත් බසයකට ඵල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයක්, කතෝලික පූජකවරයෙකුගේ මවක් මරුට

ආරක්ෂාව පතා සරණාගතයන් වශයෙන් රජයේ පාලන ප්‍රදේශයන් වෙත පැමිණි දමිළ සිවිල් වැසියන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් අද (පෙබ 14) අළුයම 1.30 පමණ ප්‍රහාරයක් ඵල්ල කර ඇත. අත් බෝම්බ සහ සුථ අවි උපයෝගී කර ගනිමින් පුලියන්කුලම් ප්‍රදේශයේදී මෙ‍ම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් කතෝලික පූජකවරයෙකුගේ මවක් මිය‍ගොස් තවත් 13 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ප්‍රහාරයට ලක් වූ බස් රථයේ ගමන්ගත් පිරිස නොබෝදා වන්නියේ ‍කොටි ග්‍රහණයෙන් මිදී කිලිනොච්චි ප්‍ර‍දේශයට පලාවිත් ඵතැන් සිට වව්නියා ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි සිවිල් වැසියන් පිරිසක් බව ආරක්ෂක අංශ අනාවරණය කරයි. ප්‍රහාරයෙන් වයස අවු 60 පමණ වන දෙදරු මාතාවක් මියගොස් ඇති අතර ළමුන් 04 දෙනෙකු ඇතුලු වයස්ගත පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් මේ වන විට ප්‍රතිකාර සඳහා වව්නියාව රජයේ රෝහලට ඇතුලත් කර ඇත. මරණයට පත්වු කාන්තාව කිලිනොච්චි භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි සෙල්ලයියා ලෙච්චමී ලෙස හඳුනාගෙන ඇත. ඇයගේ පුත්‍රයා සහ දියණියද‍ මෙම ප්‍රහාරයට ලක්වු බසයේ මගීන් වශයෙන් ගමන් කර ඇති අතර පුත්‍රයා කතෝලික පියතුමෙකු වන සෙල්ලයියා තුරෙයි

කොටි ග්‍රහණයෙන් තවත් දමිළ වැසියන් 2600 ක් මුදවා ගැනේ

පෙබරවාරි 12 දින උදෑසන 6 න් ආරම්භ වී ගත වූ පැය 24 තුලදී ‍එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පසු වූ තවත් දමිළ සිවිල් වැසියන් 2684 දෙනෙකු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට ආරක්ෂක හමුදා සමත් වී තිබේ. කිලිනොච්චියට පැමිණි පවුල් 452 කට අයත් සිවිල් වැසියන් 2136 දෙනෙකු ඕමන්තෙයි මුරපොල හරහා වව්නියාවට පැමිණි බව ඕමන්තෙයි ප්‍රදේශයේ රාජකාරියේ නියුතු වී සිටින යුද හමුදාවේ 56 වන සේනාංකයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. මෙම කණ්ඩායමට පිරිමි 1084 දෙනෙකු, කාන්තාවන් 1052 දෙනෙකු සහ කුඩා ළමුන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් වන බවද එම වාර්තා සඳහන් කරයි. මෙම පිරිස වව්නියාව පම්පෙමඩු මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා ඇති සුභ සාධක කඳවුර වෙත යොමු කර තිබේ. මේ අතර ඊයේ (පෙබ 13) දහවල් කාලයේ දී 58 වන සේනාංකයේ භට පිරිස් විසින් කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් 541 දෙනෙකු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත් වී තිබේ. මේ දිනවල 58 වන සේනාංකය මෙහෙයුම් දියත් කරමින් සිටින ඒ 35 (පරන්තන් -මුලතිව්) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ දී මෙම සිවිල් වැසියන් පිරිස මුදා ගත් බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම පිරිස ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපයා දීමෙන් අනතුරුව කිල

ඉතිරි වී ඇති කොටි ඉලක්ක වෙත අඛණ්ඩ මෙහෙයුම්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉතිරි වී ඇති මර්මස්ථාන සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් තම මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් ඊයේ (පෙබ 13) දිනයේදී ද කටයුතු කළ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ 35 (පරන්තන්-මුලතිව්) මාර්ගයට උතුරු දෙසින් මෙහෙයුම් වල නිරත වී සිටින 58 වන සේනාංකයේ භට පිරිස් විසින් කුප්පිලාන්කුලම ප්‍රදේශයේ දී කොටි ත්‍රස්තවාදීන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී ත්‍රස්ත මළ සිරුරු 5ක්, ටී 56 ගිනි අවි 5ක් ද සමගින් සොයා ගැනීමට භට පිරිස් සමත් වී තිබේ. මීට අමතරව ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් වල නිරත වී සිටින ස්නයිපර් ප්‍රහාරකයින් විසින් ද ත්‍රස්තවාදීන් 5 දෙනෙකුට ප්‍රහාර එල්ල කොට මරා දමා ඇත. විශ්වමඩු ප්‍රදේශයේ තව දුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 57 වන සේනාංකයේ භට පිරිස් ඊයේ දිනයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් ටී 56 ගිනි අවි 2ක්, එම්පීඑම්ජී උණ්ඩ පෙට්ටි 17ක්, මි.මී. 12.7 වර්ගයේ උණ්ඩ පෙට්ටි 19ක්, සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 50ක්, ටීඑන්ටී වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 8ක් සහ මීටර්

කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු පෙළකට ගුවන් ප්‍රහාර

මුලතිව් උතුරු දෙසින් වූ මුහුදු වෙරළ ආසන්නයේ තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු පෙළකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අද (පෙබ 14) උදෑසන ගුවන් හමුදාව කටයුතු කළේය. උදෑසන 10.35 ට පමණ ප්‍රහාර එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානයක්කාර මහතා පැවසූයේ ප්‍රහාරයෙන් බෝට්ටු විනාශයට පත් වූ බවයි.