Posts

Showing posts from July 24, 2009

ගැහැණියගේ කෙරැවාව.....

ඇය උදෑසනම නැගිට්ටාය, ඉවුම් පිහුම් සිදුකලාය, දරැවන් සූදානම් කලාය, සැමියාගේ දරැවන්ගේ ඇදුම් මැද්දාය, පොළට ගියාය, දෙමාපියන්ට සත්කාර කලාය...... නිවසේ අවසානයටම නින්දට ගියාය.... "ඒකි ඔහේ ගෙදරට වෙලා ඉන්නවා බං" ඇට මැස්සා...

සිංහල ඉගෙන ගිතිමි...

අම්මෝ ඇති යංතං... කාලයක් තිස්සේ බලා හිටිය දෙයක් ඉෂ්ඨ කර ගන්නයි මේ යන්නේ.. ඇත්තටම සිංහල බ්ලොග් අත්දැකීමක් ලබා ගන්න මම ගොඩ කාලයක ඉදන් බලා හිටියෙ. ඒත් ඒක පස්ස‍ට ගිය හැටි ම‍ටත් පුදුමයි. කාලය ගත වෙන ඉක්මණ. හිතා ගන්නත් බැහැ. කොහොම වුණත් හැම දේටම කාලය එනකන් බලා ඉන්න එපායැ. නේද? ඉතිං ‍කොහොම හරි දැන් ඔක්කොම හොද විදිය‍ට සිද්ධ වෙනවා. මේ වෙලාවෙදි විශේෂයෙන් මතක් කරන්න ඕනා ම‍ට හැම තිස්සෙම උදව් කරන පිරිස. නම් වශයෙන් කියන්න ගියොත් කට්ටියගෙ නම් ගොඩක් ලියන්න වෙනවා. ඒක නිසා හැමෝ‍ටම එක පාර ස්තතියි කියලා කියන්නම්. ඒ වාගේම තව දුරටත් මේ අයුරින්ම ඕගොල්ලොන්ගේ සහයෝගය මම හදවතින්ම බලාපොරොත්ත වෙනවා... එහෙනම් ඔක්කොටම ජය වේවා.....

ජීවිතය කියන්නේ ඇත්තත‍ටම මොකද්ද?

ජීවිතය.. ඉපදෙනවා කනවා, බොනවා, ඊ‍ට පස්සේ මැරෙනවා, ඇත්තටම ජීවිතය කියන්නේ ඒකද? සමහරැනම් අද මැරැනත් කමක් නැහැ ආතල් එකේ ඉන්නවා කියලා අරක්ක ටිකක් බීලා ‍‍ජොලියෙ ඉන්න හදනවා. තවත් සමහරැ කවදාවත් මැරෙන් නෑ වගේ සල්ලි දේපල පස්සේ පන්නනවා. තවත් කට්ටියක් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නවා. මේ ක‍ට්ටිය අතරින් තව මග හැරැනු කොට්ඨාසත් බොහොම ඇති. ඒ මොනවා වුනත් ජීවිතය කියන එනට නියම අර්ථ කථනයක් දෙන්න කාටවත් පුලුවන් වෙලා නැහැ තාම. මම හිතන විදියට ඒකට හේතව ජීවිතය කියන එක සාපේක්ෂ හින්දා. මම ජීවිතය දකින විදිය‍ට නෙවෙයි ඔයා ජීවිතය දකන්නේ. ඒත් ජීවිතයේ හැමෝටම පොදු ලක්ෂණත් නැතව නොවෙයි. දැන් බලන්න ආදරය ගැන. ඒක හැමෝටම පොදුයි නේද? කවදාවත් ආදරය කරල, ලබලා නෑ කිවුවත් අඩුම ගානේ එක විනාඩියකට හරි අපි කාටහරි ආදරය කරල තියෙනවා නේද? ඇත්ත ඒකයි. තවත් ආදරය වගේ අපි හැමෝටම පොදු දේවල් ගොඩත් ජීවිතයේදී අපිට දකින්න, අහන්න, විදින්න සිද්ධ වෙලා තියෙනවා. මොනවා වුනත් ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් මිසක් විදවන්න ඕන දෙයක් නම් නෙමේ යාලුවනේ. ජීවත් වෙලා ඉන්න ටික වෙලාව හරි කාට හරි උදවුවක් කරලා, කාගේ හරි හිත සනසල, හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න එක තමා වටින්නේ.