Breaking News : ගෝඨාභය රාජපක්ශගෙන් ජනමාධ්‍යයට තර්ජන, ගර්ජන සහ චෝදනා

ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මේ දැන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපූරු කතා මාලාවක් කියමින් ඉන්නවා. ඔහු මෙරට ඇතැම් ජනමාධ්‍ය සම්බන්ධයෙන් එල්ල කල චෝදනා සුලුපටු කොට තැකිය නොහැකියි.. ඒ කතා අතර පහත සඳහන් දෑ ද තිබුනා :

උදයන් සහ සුඩර් ඔලි පත්තරවල සිටින්නේ ත්‍රස්තවාදීන්. ඔවුන් බෝම්බත් අරන් එහෙ මෙහෙ යනව. ඔවුන් මාධ්‍යවේදීන් නෙමෙයි.
සිරස ආයතනය වෙනුවෙන් සී එන් එන් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් සිරසට එල්ල වූ ප්‍රහාරය ගැන ආන්ඩුවට චෝදනා එල්ල කල තැනැත්තා කොටි සම්බන්ධ කම් ඇත්තෙක්, ත්‍රස්තවාදියෙක්.


ඊට අමතර ව ඔහු මෙහෙමත් ගර්ජනා කලා : "පරීක්ශනවලින් ඔප්පු වෙලා තියෙනව සිරස තමන්ටම ප්‍රහාර එල්ල කරගත්තයි කියල... පරීක්ශන ඉවර වුනාම අර සී එන් එන් එකට කතාකරපු එකාත් මම හිරේට දානව"

හ්ම්...

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW