කොටින් සතුව තිබූ මි.මී. 130 වර්ගයේ කාලතුවක්කුවක් සහ බැරලයක් හමුදාව යටතට






පුතුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින ලුතිනන් කර්නල් ජයනාත් ජයවීරගේ අණදීම යටතේ ක්‍රියාත්මක වන 533 වන බල සේනාවට අයත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඊයේ (පෙබ 16) උදෑසන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සතුව තිබූ මි.මී. 130 වර්ගයේ කාලතුවක්කු අවි 2ක බැරල් සොයා ගැනීමට සමත් වී ඇත.

කාලතුවක්කු අවි වල අනෙකුත් කොටස් සොයා සෝදිසි මෙහෙයුම් දියත් කළ භට පිරිස් විසින් මේ වන විට එක් කාලතුවක්කු අවියක සියළුම කොටස් සොයා ගැනීමට සමත් වූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

මෙම අවි පොලොව යට වළ දමා තිබියදී සොයා ගෙන ඇති අතර ඒවා වළ දැමීමට ප්‍රථම ග්‍රීස් තවරා පොලිතීන් වලින් ආවරණය කර තිබූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. හමුදා ප්‍රහාර හමුවේ පලා යන ත්‍රස්තවාදීන් මෙම අවි රැගෙන යාමට නොහැකි නිසා මෙලෙස වළ දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මේ වන විටත් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දියත් කෙරෙමින් පවතින බව වාර්තා සඳහන් කරයි.

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM