මුහුදු කොටින්ගේ ප්‍රහාරක බෝට්ටු 2ක් ගුවන් ප්‍රහාරයෙන් විනාශයි

මුලතිව් කලපුවේ උතුරු ප්‍රදේශයේ වූ මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා පෙළකට ගුවන් හමුදාව විසින් අද (පෙබ 15) දහවල් 1 ට පමණ ප්‍රහාරයක් එල්ල කර ඇත. මිග් 24 ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් මුහුදු කොටින්ගේ ප්‍රහාරක යාත්‍රා දෙකක් විනාශයට පත්ව ගිලී ගොස් ඇති අතර තවත් යාත්‍රාවකට හානි සිදු වූ බව ගුවන් හමුදාව පවසයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් 2006 වර්ෂයේ දෙසැම්බර් මස 23 වන දින පැහැර ගත් ජෝර්දාන් වෙළඳ නැවක් වූ “ෆාරා 3” නෞකාව ගිලී තිබෙන මුලතිව් වෙරළ ආසන්නයේ මෙම ප්‍රහාරක යාත්‍රා තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා ආරක්ෂක අමාත්‍යාංශයීය වෙබ් අඩවියට පැවසීය.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW