කොටි ග්‍රහණයෙන් තවත් දමිළ වැසියන් 2600 ක් මුදවා ගැනේ

පෙබරවාරි 12 දින උදෑසන 6 න් ආරම්භ වී ගත වූ පැය 24 තුලදී ‍එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පසු වූ තවත් දමිළ සිවිල් වැසියන් 2684 දෙනෙකු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට ආරක්ෂක හමුදා සමත් වී තිබේ.

කිලිනොච්චියට පැමිණි පවුල් 452 කට අයත් සිවිල් වැසියන් 2136 දෙනෙකු ඕමන්තෙයි මුරපොල හරහා වව්නියාවට පැමිණි බව ඕමන්තෙයි ප්‍රදේශයේ රාජකාරියේ නියුතු වී සිටින යුද හමුදාවේ 56 වන සේනාංකයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. මෙම කණ්ඩායමට පිරිමි 1084 දෙනෙකු, කාන්තාවන් 1052 දෙනෙකු සහ කුඩා ළමුන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් වන බවද එම වාර්තා සඳහන් කරයි. මෙම පිරිස වව්නියාව පම්පෙමඩු මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා ඇති සුභ සාධක කඳවුර වෙත යොමු කර තිබේ.

මේ අතර ඊයේ (පෙබ 13) දහවල් කාලයේ දී 58 වන සේනාංකයේ භට පිරිස් විසින් කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් 541 දෙනෙකු ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත් වී තිබේ. මේ දිනවල 58 වන සේනාංකය මෙහෙයුම් දියත් කරමින් සිටින ඒ 35 (පරන්තන් -මුලතිව්) මාර්ගයට උතුරු දෙසින් වූ ප්‍රදේශයේ දී මෙම සිවිල් වැසියන් පිරිස මුදා ගත් බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම පිරිස ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපයා දීමෙන් අනතුරුව කිලිනොච්චියේ පිහිටුවා ඇති සුභ සාධක කඳවුර වෙත යොමු කර තිබේ.

මෙම මාසය තුලදී පමණක් ත්‍රස්ත ග්‍රහණයේ පසුවූ දමිළ සිවිල් වැසියන් 34,600 දෙනෙකු පමණ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත් වූ බව ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

Comments

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM