3 කාර්ය සාධක බලකා භට පිරිස් ත්‍රස්ත අවි අයුධ අත්පත් කර ගනිති

මෑතදී මුදා ගන්නා ලද ප්‍රදේශයන්හි බලය තහවුරු කිරීමේ මෙහෙයුම් හී නිරත 3 කාර්ය සාධක බලකා භට පිරිස් පලා යන ත්‍රස්තවාදීන් විසින් අතරමග දමා පලා යන ලද අවි අයුධ තොගයක් ඊයේ (පෙබරවාර 24) දින ඉරණමඩු, අම්පකාමම් හා මාන්කුලම් යන ප්‍රදේශයන්ගෙන් අනාවරණය කර ගැනීමට සමත්ව ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

කිලෝ 4 ක් බරැති ක්ලේමෝ බෝම්බයක් එදින උදෑසන අම්පකාමම් ප්‍රදේශයේදී 573 බලසේනාව යටතේ ස්ථාපිත 28 ජාතික ආරක්ෂක බලමුළුව විසින් සොයා ගනු ලැබිණි.

ඒ අතර, එම බල සේනාවටම අනුයුක්ත 5 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් ඉරණමඩු ප්‍රදේශයේදී අත් බෝම්බ 4 ක් අනාවරණය කර තිබිණි.

මි.මී. 81 වර්ගයේ මෝටාර් බෝම්බ 3 ක් 631 බල සේනාව යටතේ මෙහෙයුම්වල නිරත 2 විජයබා පාබල රෙජිමේන්තුව විසින් අත්පත් කර ගනු ලැබූ බව ආරක්ෂක වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW