සිවිල් වැසියන් 4500 කට අධික පිරිසක් ආරක්ෂක අංශ වෙත භාර වෙති

ගෙවී ගිය පැය 24 තුලදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිරකර ගෙන සිටි දමිළ සිවිල් වැසියන් 4701 කට අධික පිරිසක් ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පලා විත් ආරක්ෂක අංශ වෙත භාර වී තිබේ. ආරක්ෂක හමුදාවන් තව දුරටත් මෙහෙයුම් දියත් කරමින් මුදා නොගත් ප්‍රදේශ වෙත ඇතුළු වීමත් සමග සිවිල් වැසියන් කොටි ග්‍රහණයෙන් මිදී පලා ඒම ඉහළ ගොස් තිබේ. මෙම පිරිස මුලතිව්, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිර වී සිටි පිරිසකි.

මෙම පිරිසට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපයීමෙන් පසු වව්නියාව සුභ සාධක කඳවුරු වෙත යොමු කර ඇත.

පහසුකම් කොටි ග්‍රහණයෙන් මිදී පලා එන සිවිල් වැසියන් සඳහා අවශ්‍ය වන සියලුම පහසුකම් සැපයීමට ආරක්ෂක අංශ සහ දිස්ත්‍රික් ලේකම් කටුයුතු යොදා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අංශ විසින් සිවිල් වැසියන්ට පලා ඒමට අවශ්‍ය මාර්ගයන් විවෘත වන අයුරින් මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් කොටි ග්‍රහණයෙන් මිදී පලා ඒමට සිවිල් වැසියන්ට පහසු වී ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

Comments

Popular posts from this blog

Scrubs S07 DVDRip XviD-ORPHEUS

Pandorum (2009) TS HQ XviD-FUSiON

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009