කොටි මිනිස් පලිහෙන් 5100 ක් බේරා ගනී

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් දමිළ සිවිල් වැසියන් සිර කර තබා ගනිමින් නිර්මාණය කර ඇති මිනිස් පලිහෙන් සිවිල් වැසියන් 5100 දෙනෙකු ඊයේ (පෙබ 6) දිනයේ දී මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ධර්මපුරම්, විශ්වමඩු සහ කුප්පිලාන්කුලම් ප්‍රදේශ වලදී මෙම පිරිස යුද හමුදාව වෙත භාර වී තිබේ. මෙම පිරිසට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු මූලික අවශ්‍යතා සපුරා දීමෙන් අනතුරුව අවතැන්වූවන් සඳහා පවත්වාගෙන යනු ලබන සුභ සාධක කඳවුරු වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

කොටි ග්‍රහණයේ සිරවී සිටින සිවිල් වැසියන්ට ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පලා ඒමට නව මාර්ග විවෘත වන ආකාරයෙන් ඉතාමත් උපක්‍රමශීලීව මෙහෙයුම් දියත් කිරීමට මේ වන විට යුද හමුදාව පියවර ගෙන ඇත.

Comments

Popular posts from this blog

Scrubs S07 DVDRip XviD-ORPHEUS

Pandorum (2009) TS HQ XviD-FUSiON

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW