58 වන සේනාංකයෙන් කොටින්ට දැඩි ප්‍රහාර,එල්.ටී.ටී.ඊ. පස්බැම්මේ කොටසක් හමුදාව යටතට

පුතුකුඩිඉරිප්පු වයඹ දිග ප්‍රදේශයට ඇතුළුවී සිටින 58 වන සේනාංකය කොටින්ට දැඩි ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන අතර, මුලතිව් කොම්බාවිල් ප්‍රදේශයේ වූ කොටින්ගේ පස්බැම්මේ කොටසක බලය අත්පත්පත් කරගැනීමට ඊයේ (පෙබ. 22) සමත්විය.

මෙහිදී එල්.ටී.ටී.ඊ. ය දැඩි ප්‍රතිරෝදයක් එල්ල කල අතර, 58 සේනාංකයේ භට පිරිස් සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඉදිරියටම ඇදෙමින් සිටී. පුතුකුඩිඉරිප්පු ඊශාන දිගට වන්නට ඉරනපාලි ප්‍රදේශයේ උතුරේ සිට දකුණු පැත්තට පස්බැම්මක් ඉදිකර කොටි ත්‍රස්තයන් අවසාන ආරක්ෂිත ස්ථානය සකස් කර ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

භට පිරිස් මේ වන විට පුතුකුඩිඉරිප්පු නගරය වටා මීටර් 400 ක් පමණ ඉදිරියට ස්ථානගතවී ඇති බව යුද බිමෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. 58 වන සේනාංකයේ භට පිරිස් හා කාර්ය සේනාංක 8 හි භට පිරිස් එල්.ටී.ටී.ඊ. අවසාන බල ප්‍රදේශය වෙත සිය ආක්‍රමණ සිදුකරමින් සිටී.

Comments

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM