කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමේ කඳවුරක් අල්ලයි - මුලතිව්









වන්නි මෙහෙයුමේ තවත් සන්ධිස්ථානයක් පසු කරමින් 58 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (පෙබ 03) දිනයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමේ කඳවුරක් අත්පත් කර ගැනීමට සමත් විය. මෙම කඳවුර මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට අමතරව ත්‍රස්තවාදීන් සඳහා විශේෂ යුද පුහුණුව ලබා දීමට ද යොදා ගෙන ඇතැයි ආරක්ෂක ආංරචි මාර්ග සඳහන් කරයි. පැය ගණනාවක් පුරා පැවති දරුණු සටනකින් අනතුරුව කඳවුරේ බලය අත්පත් කර ගැනීමට භට පිරිස් සමත් විය.

හමුදාවෙන් එල්ල වූ ප්‍රහාරයන් හමුවේ ත්‍රස්තවාදීන් මෙම කඳවුර අතහැර පලා ගොස් ඇත. කඳවුරේ තිබී කොටි නායක ප්‍රභාකරන් හෝ ඉහළ පෙළේ නායකයෙකු විසින් යුද පෙරමුණු නිරීක්ෂණය සඳහා භාවිතා කළ ජීප් රථයක්ද හමුවී තිබේ. මෙම කඳවුර ඝන කැලෑව තුල පිහිටා තිබුණද පුහුණු කඳවුරකට අවශ්‍ය සියලු පහසුකම් වලින් යුක්ත බව වාර්තා සඳහන් කරයි. ශාරීරික ව්‍යායාම සඳහා භාවිතා කරන නවතම උපකරණ, ශ්‍රවණාගාරයක්, ආහාර ගබඩාවක් මෙන්ම භූගත බංකර් කිහිපයක් ද කඳවුරේ වන බව වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

කොටි නායක ප්‍රභාකරන් මෙම කඳවුරට නිතරම පැමිණ ඇති අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් වෙනුවෙන් කොටි නායකයාගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වා ඇත්තේ ද මෙම කඳවුර තුලදීය.

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW