Our Heritage - ශ්‍රී දළදා මාලිගාව





ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජානන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.

හේමමාලා හා දන්ත කුමරු විසින් (හේමමාලා කුමරියගේ හිස කෙස් තුල සඟවාගෙන) ලක්දිවට වැඩම කල මෙම දළදා වහන්සේ එදා සිටම රජ තුමා සමඟ රාජකීය ආරක්ෂාව සහිතව එ‌් එ‌් රාජධානි වල වැඩවාසය කර ඇත. සතුරු උවදුරු ඇති සමයක මෙම දළදා වහන්සේ කුරහන් ගලක් තුල පවා සඟවා තබා ආරක්ෂා කර ඇත. අවසානයේ දළදා වහන්සේ, ගිරි දුර්ග හා වන දුර්ගවලින් ආරක්ෂිත මෙම මහනුවර රාජධානියේ ඉදිකල දළදා මාලිගයේ තැන්පත් කරන ලදී.

දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔ‌ෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

for more...

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR