ස්විස්ටර්ලන්තයේ කොටි කාර්යාලයට දමිළ වැසියන්ගෙන් ප්‍රහාර

මුලතිව් හි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිර කරගෙන, මිනිස් පළිහක් ලෙස යොදා ගෙන සිටින දමිළ සිවිල් වැසියන් වහාම නිදහස් කරන්නැයි බල කරමින් ස්විස්ටර්ලනත්යේ වාසය කරන දමිළ වැසියන් විසින් එරට පිහිටි එල්.ටී.ටි.ඊ. කාර්යාලය වටලා ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ. අද (පෙබ 6) දිනයේ දී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බව වාර්තා සඳහන් කරයි.

අද උදෑසන ස්විස්ටර්ලන්තයේ දමිළ වැසියන් විසින් එල්.ටී.ටී.ඊ. යට එරෙහිව උද්ඝෝෂණයක් ද පවත්වා ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ වන්නියේ සිටින දමිළ තරුණයන්ගේ වටිනා ජීවිත විනාශ කිරීමට කටයුතු කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් බවයි.

උද්ඝොෂණයට සහභාගී වූවන් වැඩි දුරත් පවසා සිටියේ කොටි ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ කුඩා ළමුන් පාසැල් වලින් පැහැරගෙන ගොස් ත්‍රස්ත කටුයුත සඳහා යොදවා ඔවුන්ගේ ජීවිත විනාශ කළ බවත්, කාන්තාවන් රැගෙන ගොස් ඔවුන්ව මිනිස් බෝම්බ බවට පරිවර්තනය කර ඔවුන්ගේ ද ජීවිත විනාශ කළ බවත්, වැඩිහිටි සියලු දෙනා හට විවිධ ආකාරයේ වද හිංසා පමුණුවමින් යුද පුහුණුව ලබා දුන් බවත්ය.

ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව කොටි කාර්යාලය වැටලූ දමිළ වැසියන් පිරිස කාර්යාලයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Comments

Popular posts from this blog

Scrubs S07 DVDRip XviD-ORPHEUS

Pandorum (2009) TS HQ XviD-FUSiON

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009