දෙමළ සාමාන්‍ය වැසියන් ට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්









මුලතිව් හි විශ්වමඩු උතුරු ප්‍රදේශයේ පිහිටි සාමාන්‍ය ජනතාව රැඳී සිටින සුභසාධන කඳවුරක අද (පෙබ. 09) 11.40 ට පමණ සිදුවූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 29 ‍ෙදනෙකු මියගොස් තවත් සාමාන්‍ය වැසියන් 40 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 64 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවතම වාර්තා සඳහන් කරයි. මෙම මියගිය පිරිස අතර යුද හමුදා කාන්තා සෙබළියන් තිදෙනෙකුද සිටින බව වාර්තා වේ. තුවාලකරුවන් ගිලන් රථ මගින් කිලිනොච්චි රෝහල වෙත රැගෙන ගොස් ඇත.

කොටි ග්‍රහණයෙන් මිඳී පලා එන සිවිල් වැසියන් දහස් ගණනක් අතරේ පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකාරිය, යුද හමුදා සෙබළුන් සාමාන්‍ය වැසියන් පරීක්ෂා කරන අතරතු [Click to magnify/shrink] රේදී මෙම බෝම්බය පුපුරවාගෙන ඇත. මෙම පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය හැකි බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. මෙම අවස්ථාවේදී කාන්තාවන් හා කුඩා ළමයින් විශාල පිරිසක් මෙම ස්ථානයේ රැඳී සිට ඇත.

එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිඳී ආරක්ෂක රැකවරණ පතා පැමිණෙන සාමාන්‍ය වැසියන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණෙන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇති බව යුද විශ්ලේෂකයිගේ මතයයි.

පසුගිය පෙබ. 04 දින 55 සේනාංකය චලෙයි ප්‍රදේශය වෙත පැමිණෙද්දී අවුරුදු 13 ක පමණ කුඩා ගැහැණු ළමයෙකුට මරාගෙන මැරෙන ඇඳුම් අන්දවා ආරක්ෂක අංශ අසලදී පුපුරවා හැර ඇත.
බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය දැරියකගේ සිරුර රැගෙන යන හමුදා භටයෙක් දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන එල්.ටී.ටී.ඊ. ය දමිළ වැසියන්ව අමු අමුවේ ඝාතනය කර ඇති අයුරු තුවාල ලැබූවන් රෝහල් වෙත පිටත් කර යැවීමට යුහුසුළුව කටයුතු කරන යුද හමුදාව
තුවාල ලැබූවන් රෝහල් වෙත ගෙන යමින් බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වැඩිහිටි පුද්ගලයෙක් තම ජීවිතය බේරා ගැනීමට කොටි ග්‍රහණයෙන් මිදී පලා ආවද, මිනීමරු මරාගෙන මැරෙන කොටි බෝම්බයෙන් ගැලවීමට ඇයට නොහැකි විය

තුවාල ලැබූවන්ට යුද හමුදාවෙන් වහාම ප්‍රතිකාර මරාගෙන මැරෙන මිනිස් බෝම්බයේ හිස බෝම්බය පිපිරී ගිය ස්ථානයට මදක් දුරින් වැටී ඇති අයුරු අහිංසක දමිළ වැසියන්ගේ ජීවිත පිළිබඳ හඬ නගන්නනි, කොටින්ගේ මෙවැනි අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් නුඹලා නිහඬ ඇයි?

එල්.ටී.ටී.ඊ. හිතවාදී සියල්ලලෙනි, ඔබ සැම ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දුන්නේ මෙවැනි අමානුෂික ඝාතන සිදු කිරීමටද? මෙවැනි අපරාධ සිදු කිරීමට කොටි ත්‍රස්තවාදයට උපකාර කළ කොටි හිතවාදී මිනිසුනි, ඔබ මුදල් සැපයුවේ දමිළ ජනතාවගේ එකම නියෝජිතයාට නොව මිනීමරු ත්‍රස්ත සංවිධානයකටය. කොටි බෝම්බයේ ගොදුරක් බවට පත් වූ අහිංසක දමිළ කාන්තාවක්

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW