මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන සැකකරුවෙක් මැදවච්චියේදී කොටුවේ

විශ්‍රාමික හමුදා නිළධාරී මේජර් ජෙනරාල් ජ‍ානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගිය වසරේදී අනුරාධපුර ප්‍රදේශයේදී ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් ශ්‍රී ලංතා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග වල දැක්වෙන පරිදි නෙසියකුලම් - මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අබුසාලි ජබීර් ලෙස හඳුනා ගෙන ඇති මෙම සැකකකරු විසින් මන්ද බුද්ධික මරා‍ගෙන මැරෙන බෝම්බකරු සිය භාරයේ සෙට්ටිකුලම සිට මැදවච්චිය ප්‍රදේශයට රැගෙන විත් වෙනත් අයෙක් වෙත ඔහුව භාර දී තිබිණි. ඊයේ (පෙබරවාරි 10) දින අළුයම 5.15 ට පමණ සියඹලාන්ඩුව, නෙරියකුලම පොලිස් මාර්ග ඝාධකයේදී මෙම සැකකරු අත්අඩංගුවට පත්වූ බව වැ‍ඩි දුරටත් එම ආරංචි සඳහන් කරයි.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා, එම මැතිණිය ඇතුළු 23 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 6 වෙනිදා එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර කාර්යාලයේදී බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත් කරනු ලැබිණි.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW