එල්ටීටීඊය පලායන සිවිල් වැසියන් ඝාතනය කරනවා - එක්සත් ජාතීන්ගේ සංවිධානය


එල්ටීටීඊ සංවිධානය මෙරට ගැටුම් පවතින ප‍්‍රදේශයෙන් පලා යාමට තැත් කරන දස දහස් ගණනක් සිවිල් වැසියන් වළක්වාලමින් ඔවුන්ට වෙඩි තබන බව හා සමහර අවස්ථාවලදී ඝාතනය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ශී‍්‍ර ලංකාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසයි. එල්ටීටීඊය දැනට කොටුවී සිටින සීමිත භුමි ප‍්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන් දහස් ගණනක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව ද වාර්තාව පෙන්වා දෙයි.

එල්ටීටීඊය සිවිල් වැසියන් ඝාතනය කරන බව ද ඔවුන්ට පලා ඒමට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවා තබා ගන්නා බව ද පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වයස අවුරුදු 14ට අඩු ළමුන් බලහත්කාරයෙන් යුද්ධයට බදවා ගැනීම තවදුරටත් සිදු කරන බව ද පවසයි.

මුදා නොගත් ප‍්‍රදේශයේ කටයුතු කරමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු හා කාන්තාවන් 40 දෙනෙකු හා ළමුන් 35 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 75 දෙනෙකු ද එල්ටීටීඊය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. මෙම පිරිස අතර හදිසි ප‍්‍රතිකාර අවශ්‍ය ශ්වසන ආබාධ සහිත ළමුන් ද සිටින බව එම නිදෙනයේ දැක්වේ.

මේ හැර ඊයේ (16) එල්ටීටීඊය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජිකයෙකු පැහැර ගනු ලැබ ඇත. ඔහු වහා නිදහස් කරන ලෙසත් එල්ටීටීඊ පාලන ප‍්‍රදේශයෙන් ඉවත්වීමට අවශ්‍ය සිවිල් වැසියන්ට ඔවුන් කැමති ස්ථානයකට යාමට අවස්ථාව සලසන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ටීටීඊයට බලකර සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR