Our Heritage - කළුතර පූජනීය බෝධීන් වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු බිඳක්……






මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි

වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි.එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ

භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී

කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම

පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය.එහිදී මෙම කුඩා කඳු

ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත.මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව

හඳුනාගත හැකිවේ.


කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ.ඒ අනුව කළුතර

සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි.

කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය.19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය.

කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ

නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16

වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR