කොටි සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර බලපෑම් එල්ල කරනවා

එ.ජා. නියෝජිත ජෝන් හෝල්ම්ස්

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහා ලේකම් සර් ජෝන් හෝල්ම්ස් මහතා පසුගියදා ආපදා කළමනාකරණ හා මානවහිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා හමුවිය.

එහිදී උතුරේ මානුෂීය මෙහෙයුම් වලදී අවතැන්වන සිවිල් ජනතාවට ලබාදෙන ආධාර වැඩපිළිවෙළ හා සිවිල් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවරයන් පිළිබඳව මහින්ද සමරසිංහ මහතා කරුණු පැහැදිලි කෙළේ ය.

ඊට අමතරව එල්.ටී.ටී.ඊ.පාලන ප‍්‍රදේශවල බලෙන් සිර කැරගෙන සිටින අහිංසක ජනතාව නිදහස් කැර ගැනීම සඳහා ජාත්‍යන්තරයෙන් ප‍්‍රබල බලපෑමක් කළ යුතු බව කියා සිටි ඇමැතිවරයා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් යුරෝපා සංගමය, අමෙරිකාව,බි‍්‍රතාන්‍ය ඇතුළු ප‍්‍රබල රටවල සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද සමරසිංහ ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේ ය.

යුරෝපයේ ජීවත්වන දෙමළ වැසියන්ට පණිවිඩයක් යවමින්, ඔවුන්ගේම සහෝදර ජනතාව එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් මේ අවස්ථාවේදී ඉතා කෘර ලෙස බලෙන් රඳවාගෙන සිටින බැවින් එම කි‍්‍රයාවලිය වහා නතරකර, අහිංසක සිවිල් ජනතාවට ඔවුන් කැමති ප‍්‍රදේශයකට යෑමට අවස්ථාව ලබාදීමට බලකරන ලෙසට ඉල්ලීමක් කෙළේ ය.

අහිංසක සිවිල් ජනතාව බලෙන් රඳවාගෙන සිටීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය ගන්නා උත්සාහය තරයේ හෙළා දකින බව සර් ජෝන් හෝල්ම්ස් මහතා ප‍්‍රකාශ කෙළේ ය. මීට එරෙහිව තම සංවිධානය ජාත්‍යන්තර ප‍්‍රජාව හරහා බලපෑමක් එල්ල කරන බවත්, පැවැසීය.

දිනමිණ ඇසුරෙනි.

Comments

Popular posts from this blog

Scrubs S07 DVDRip XviD-ORPHEUS

Pandorum (2009) TS HQ XviD-FUSiON

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW