කොටින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණ






එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් “ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලාංකිකයන්” යන සංවිධානය විසින් ඊයේ (පෙබ 14) දිනයේ දී ලන්ඩන් නුවර දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පැවැත් වූ බව වාර්තා සඳහන් කරයි.

මෙම උද්ඝෝෂණයේ පරමාර්ථය වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් අහිංසක දමිළ සිවිල් වැසියන් බලහත්කාරයෙන් සිර කරගෙන මිනිස් පළිහක් ලෙස භාවිතා කරමින් සිදු කරනු ලබන මානව හිමිකම් උල්ලලංඝණය කිරීම් වලට විරෝධය දැක්වීමයි. මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලාංකිකයින් 4000 ක පමණ පිරිසක් සහභාගී වී ඇති අතර උද්ඝෝෂණය ඉතාමත් සාමකාමී අයුරින් පවත්වා ඇත.

උද්ඝෝෂණයෙන් අනතුරුව අත්සත් දහස් ගණනකින් යුතු සංදේශයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයට භාර දීමට ද සංවිධාකයින් කටුයුතු සැලසුම් කර තිබුණි. මේ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු සිය සිරුරට ගිනි තබාගෙන උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වූවද පොලීසියේ මැදිහත්වීම නිසා එම ප්‍රයත්නය වැළකී ගොස් ඇත.

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW