සයිප්‍රසයේ කොටින්ට එරෙහිව උද්ඝෝෂණ






ශ්‍රී ලාංකික සුභ සාධක සංගමයේ සභාපති වජිර වික්‍රමසිංහ මහතා සයිප්‍රස් මාධ්‍යයන්ට අදහස් දක්වමින්.

මුලතිව් මුදා නොගත් ප්‍රදේශ වල බලහත්කාරයෙන් සිර කරගෙන සිටින දමිළ සිවිල් වැසියන් නිදහස් කරන්නැයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට බල කරමින් සයිප්‍රසයේ වාසය කරන ශ්‍රී ලාංකික‍යින් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ඇත. ඊයේ (පෙබ 8) දිනයේ දී එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලාංකිකයින් 3000 කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලාංකිකයන්ගේ සුභ සාධක සංගමය විසින් සයිප්‍රසයේ දී පැවැත්වූ විශාලතම උද්ඝෝෂණය මෙය වන බවද වාර්තාවන පෙන්වා දෙයි. සයිප්‍රසයේ සියලුම නගර වල වාසය කරන ශ්‍රී ලාංකිකයන් නිකෝසියා නගරයට එක්රැස් වී සාමාකාමී ලෙස උද්ඝෝෂණය පවත්වා ඇත. උද්ඝෝෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සහ කොටි ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් සිරකර තබා ගනිමින් සිදු කරන ම්ලේච්ඡ ක්‍රියාවන් පිළිබඳ විස්තර ඇතුලත් ප්‍රකාශයනක් සයිප්‍රසයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත භාර දීමට උද්ඝෝෂණයට සහභාගී වූවන් කටයුතු කර තිබේ.

කොටි ත්‍රස්තවාදීන් විසින් සිර කර ගෙන සිටින අහිංසක සිවිල් වැසියන් නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙස උද්ඝෝෂකයින් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලා සිටි‍යේය.

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

Loaris Trojan Remover v1.1.9.4 WinAll Incl Keygen and Patch-CRD