විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් විනාශ කිරීමට කොටි ගත් උත්සාහය ව්‍යර්ථ කෙරේ - යාපනය

යාපනය, අච්චුවේලි අවරන්කල් ප්‍රදේශයේ දී විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරුවා හැරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරියේ නිරත වී සිටි යුද හමුදා සෙබලුන් සමත් වී තිබේ. ඊයේ රාත්‍රී 10.40 ට පමණ ත්‍රස්තවාදීන් විසින් මෙම උත්සාහය දරා ඇති අතර යුද හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ට්‍රාන්ස්ෆෝමරය පිපිරවීමට පැමිණි ත්‍රස්තවාදීන් දෙදෙනකු මරුමුවට පත්ව ඇත.

ට්‍රාන්ස්ෆෝමරය අසල වූ යුද හමුදා මුරපොල වෙත සුළු අවි යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කර හමුදා භටයින්ගේ අවධානය ඒ දෙසට යොමු කරවා ට්‍රාන්ස්ෆෝමරය පුපුරුවා හැරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කොට ඇත. නමුත් වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශය වටලා ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇත.

පසුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් ටී 56 ගිනි අවි 2ක්, මැගසින් 4ක්, ජීපීඑස් උපකරණයක්, මාලිමාවක්, අත්බෝම්බ 6ක්, අයිකොම් වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්, සයනයිඩ් කරල් 3ක්, රාත්‍රී දුර දක්නයක්, බැටරි සහ තවත් යුද උපකරණ රැසක් සහ වෛද්‍ය උපකරණ රැසක් සොයා ගැනීමට හැකි වී තිබේ.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW