මුලතිව් ත්‍රස්ත මර්ධන මෙහෙයුම් අඛණ්ඩව

මුලතිව් එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන යුද හමුදා කාර්ය සාධක බළකා 2 හි භට පිරිස් ඊයේ (පෙබ 9) දිනයේ දී විශ්වමඩු ප්‍රදේශයේ ‍ත්‍රස්ත ඉලක්ක රැසකට ප්‍රහාර එල්ල කිරීමට සමත් විය. කාර්ය සාධක බළකා 2 ට අයත් ස්නයිපර් ප්‍රහාරකයින් එල්ල කළ ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මරා දැමූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. තවද මෙම ප්‍රදේශයේදීම දෙපාර්ශවය අතර මුහුණට මුහුණ ලා හට ගත් සටනකින් ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

කුප්පිලන්කුලම ප්‍රදේශයේ දී යුද හමුදාවෙන් එල්ල කළ ස්නයිපර් ප්‍රහාරයකින් කොටි ත්‍රස්තවාදියෙකු මිය ගොස් ඇති අතර එම ප්‍රදේශයේ දී හට ගත් වෙනත් ගැටුමකින් ද ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW