කොටි ත‍්‍රස්තවාදීන්ට කිසිදු අනුකම්පාවක් කරන්නේ නෑ. ඉන්දීය රජය අවධාරණය කරයි

කොටි ත‍්‍රස්තවාදීන් පිළිබඳව තමන්ට කිසිදු අනුකම්පාවක් නැතැයි ඉන්දීය රජය අවධාරණය කරයි.
ඉන්දීය විදේශ ඇමැති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා නවදිල්ලි අගනුවරදී පෙරේදා (8) මේ බව අවධාරණය කෙළේය. ඉන්දිය කොන්ග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සමුළුවකදී විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඉන්දියාවට පිටුවහල් කරන ලෙස වසරක් පාසා ඉන්දීය රජය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද මෙහිදී පැවැසු මුඛර්ජි මහතා ඉන්දීය රජය කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කැර ඇතැයිද සඳහන් කෙළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැති බව තවදුරටත් සඳහන් කළ ඉන්දීය විදේශ කටයුතු ඇමැති ප‍්‍රනාබ් මුඛර්ජි මහතා එම සංවිධානය හා ප‍්‍රභාකරන් විසින් සිවිල් වැසියන්ට කරන හිංසා පීඩා කාටත් වැටහෙන බවත් කියා සිටියේය.

දිනමිණ ඇසුරෙනි.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW