සරණාගතයන් ගමන් ගත් බසයකට ඵල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයක්, කතෝලික පූජකවරයෙකුගේ මවක් මරුට

ආරක්ෂාව පතා සරණාගතයන් වශයෙන් රජයේ පාලන ප්‍රදේශයන් වෙත පැමිණි දමිළ සිවිල් වැසියන් ගමන් ගත් බස් රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් අද (පෙබ 14) අළුයම 1.30 පමණ ප්‍රහාරයක් ඵල්ල කර ඇත. අත් බෝම්බ සහ සුථ අවි උපයෝගී කර ගනිමින් පුලියන්කුලම් ප්‍රදේශයේදී මෙ‍ම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් කතෝලික පූජකවරයෙකුගේ මවක් මිය‍ගොස් තවත් 13 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

ප්‍රහාරයට ලක් වූ බස් රථයේ ගමන්ගත් පිරිස නොබෝදා වන්නියේ ‍කොටි ග්‍රහණයෙන් මිදී කිලිනොච්චි ප්‍ර‍දේශයට පලාවිත් ඵතැන් සිට වව්නියා ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි සිවිල් වැසියන් පිරිසක් බව ආරක්ෂක අංශ අනාවරණය කරයි. ප්‍රහාරයෙන් වයස අවු 60 පමණ වන දෙදරු මාතාවක් මියගොස් ඇති අතර ළමුන් 04 දෙනෙකු ඇතුලු වයස්ගත පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් මේ වන විට ප්‍රතිකාර සඳහා වව්නියාව රජයේ රෝහලට ඇතුලත් කර ඇත.

මරණයට පත්වු කාන්තාව කිලිනොච්චි භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි සෙල්ලයියා ලෙච්චමී ලෙස හඳුනාගෙන ඇත. ඇයගේ පුත්‍රයා සහ දියණියද‍ මෙම ප්‍රහාරයට ලක්වු බසයේ මගීන් වශයෙන් ගමන් කර ඇති අතර පුත්‍රයා කතෝලික පියතුමෙකු වන සෙල්ලයියා තුරෙයිරත්නම් වන අතර දියණිය මාලනී ජස්ටින් වේ.

ඇසින් දුටුවන්ගේ සාක්ෂි වලට අනුව කොටි ත්‍රස්තවාදීන් විසින් අත්බෝම්බ ප්‍රහාරයක් ඵල්ල කිරීමෙන් පසු දිශාවන් තුනකින් බස්රිය‍ දෙසට වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇත. ඵ් වන විට බසය පදවමින් සිටි හමුදා භටයා තම ජීවිතය ගැන පවා නොතකමින් නොනත්වා බසය ඉදිරියට ධාවනය කර අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීමට සමත් වී ඇත.

“අපේ ආරක්ෂාවට පැමිණි බසයේ පසුපස සිටි හමුදා භටයා අපට කීවා ප්‍රහාරය නවතින තුරු බීම දිගාවී ඉන්න කියලා, ඊට පසු ඔවුන් දෙදෙනා වෙඩි වරුසාව මැද නිර්භීත ලෙස අප ආරක්ෂක ස්ථානයක් වෙත රුගෙන ගියා. මේ විදියට ඔවුන් අපේ ජීවිත බේරල දුන්නා” යනුවෙන් ඵම බසයේම පැමිණි තවත් කතෝලික පූජකවරයෙකු රෝහලේ දී අප විශේෂ වාර්තාකරුට ප්‍රකාශ කර ඇත.

මේ වන විට කොටි ත්‍රස්තවාදීන් අහිංසක සිවිල් වැසියන් 75,000 ක් 80,000 ක් පමණ පිරිසක් තවමත් කොටි ප්‍රදේශයන් තුල බලහත්කාරයෙන් රදවාගෙන ඇති බව ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විදෙස් මධ්‍ය අමතමින් ඊයේ (13) ප්‍රකාශ කර සිටියේය.

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW