ස්වෛරී රාජ්‍යයකට බලපෑම් කරන්න අපට සදාචාරාත්මක අයිතියක් නෑ

ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම්

දේශපාලන නායකයන් මරා දමමින් ඉන්දු-ලංකා ගිවිසුම කුණු කූඩයට දැමූ එල්.ටී.ටී.ඊ.ය ලංකාවේ වර්තමාන තත්ත්වයට වගකිව යුතු යැයි ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී. චිදම්බරම් මහතා ප‍්‍රකාශ කැර ඇත.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ තමිල්නාඩුවේ මහජන රැලියක් අමතමිනි.

ප‍්‍රභාකරන් දමිළ ජනතාවගේ එකම නායකයා නොවන බවද ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසැඳීම සඳහා මෙවන් ආඥාදායකයෙකුට බලයට ඒමට උදවු කිරීමෙන් විසඳුමක් නොලැබෙන බවද ඔහු පවසා තිබේ.

කිසිදු හමුදාවක් ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සාකච්ඡාවට සූදානම් නැති බවද ප‍්‍රභාකරන් වහාම ආයුධ බිම තැබිය යුතු බවද මේ තාක් කිසිදු කාලයක අවිගත් කණ්ඩායමක් විසින් කළ ඉල්ලීම් සාර්ථක වී නැති බවද ඔහු ප‍්‍රකාශ කැර තිබේ.

එල්.ටී.ටී.ඊ.ය අවි බිම තබා සාකච්ඡා කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ශ‍්‍රී ලංකා රජයට යුද්ධය නැවැත්වීම සඳහා ඉන්දියාව බලපෑම් කරනු ඇතැයිද ප‍්‍රකාශ කැර ඇති චිදම්බරම් මහතා ඉන්දියාවට ජම්මු කාශ්මීරයේ සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නම් තවත් ස්වෛරීය රාජ්‍යයකට සන්නද්ධ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කරන ලෙස කීමට සදාචාරාත්මක අයිතියක් නැති බවද සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා ජනාධිපති හමුවී සාකච්ඡා කරන ලෙසට තමා විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව කී ඒ මහතා යුද්ධය නැවැත්වීමට ඉන්දියාවෙන් කරන ඉල්ලීමට එල්.ටී.ටී.ඊ.ය ප‍්‍රතිචාර නොදැක්වීම ගැන පුදුම වන බවද ඉන්දු ලංකා ගිවිසුම කි‍්‍රයාත්මක වූවා නම් උතුරු නැඟෙනහිර සහිත වෙනම පළාතක් බිහි වී ද්‍රවිඩ ජාතිකයෙකු එහි මහ ඇමැති වන්නට ඉඩ තිබූ බවද ප‍්‍රකාශ කැර තිබේ.

දිනමිණ ඇසුරෙනි

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR