එල්ටීටීඊ ග්‍රහණයේ සිටින ජනතාවට ආහාර යැවීම නැව් මගින්

එල්ටීටීඊ සංවිධානයේ මිනිස් පලිහක්ව තබා ගෙන සිටින මුලතිව් ජනතාව‍ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගොඩබි‍ම් ම‍ාර්ගයෙන් යැවීමේදී සිදු වන ප්‍රමාදය මෙන්ම අපහසුතා හේතුවෙන් එම ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වහාම මුහුදු මාර්ගයෙන් අද (17) දිනම පිටත් කර යැවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 40ක් රැගත් නැවක් අද පස්වරු 8.00ට ත්‍රිකුණාමලය වරායෙන් පි‍ටත් වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පැවති උතුරේ අවතැන්වූවන්ට සහන සැලසීමේ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ විට ‍මුලතිව් අවතැන් වූ ජනතාවට ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1801ක් යවා තිබෙන බවයි.

එසේම මෙම නැව නැවත පැමිණෙන විට එ‍ම ප්‍රදේශවල සිටින රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙන ඒම සිදු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුලතිව් අතිරේක දිසාපති හා රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙන් මෙම ආහාර ජනාතවට බෙදා දීම සිදු වේ.

වව්නියාවේ අවතැන්ව සිටින පිරිස් සඳහා මෙතෙක් කාලයක් පිසූ ආහාර ලබා දුන් අතර එම ජනතා‍වගේ සහභාගිත්වයෙන් ආහාර පිසීමේ ක්‍රමයක් අනුගමනය කර ඇති බව අමාත්‍යවරයා‍ පැවසීය.

රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණි ජනතාව අතර පාසල් සිසු සිසුවියන් 1200ක් පමණ සිටින අතර ගුරුවරුන් 35ක් සිටින බව පැවසූ අමාත්‍යවරයා මෙම ළමුන් සඳහා තාවකාලික පාසල් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.

රජයේ නිළ පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR