දමිළ වැසියන්ගේ ව්‍යාජ ගැලවුම්කරුවා හෙළිවෙයි





දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ. ) යනු ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ එකම ගැලවුම්කරුවා මෙන්ම එකම නියෝජිතයා යැයි පවසමින් සමහරක් මාධ්‍යයන් මෙන්ම නොයෙකුත් හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයන් ලෝකය පුරා ප්‍රචාරය කිරීමට කටයුතු කළේය. මෙලෙස ලෝකයට පවසමින් මුදල් සොයා එම මුදල් වලින් යැපෙමින් සිටි මෙවැනි සංවිධානයන් දශක දෙකට අධික කාලයක් මුළුල්ලේ පැවති ත්‍රස්තවාදයේ අවසානය ළඟා වන විට වෙනදාටත් වඩා කෑමොර දීමට පටන් ගෙන තිබේ.

ත්‍රස්තවාදීන් වෙනුවෙන් හඬ නැගූ සියලු මාධ්‍යයන් මේ වන විට හඬ නගන්නේ මුලතිව් හි සිරවී සිටින අහිංසක දමිළ වැසියන් පිළිබඳවයි. යුද්ධය නිසා ඔවුන් අපමණ පීඩාවන්ට ගොදුරු වී ඇතැයි මෙම මාධ්‍ය යන් පවසයි. නමුත් මෙම එක් මාධ්‍යයක් හෝ එහි සත්‍යතාව හෙළි නොකරයි. එනම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මෙම සිවිල් වැසියන් මුලතිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා තබා ගෙන ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව සපයා ගැනීම සඳහා මිනිස් පළිහක් ලෙස භාවිතා කරන බවයි.

එල්.ටී.ටී.ඊ. ය දමිළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින සංවිධානයක බව නොයෙකුත් අන්තර්ජාතික මාධ්‍යයන් විසින් හඳුන්වනු ලැබුවේ එම මාධ්‍යයන් එහි සත්‍යතාව නොදන්නා බැවිණි. එමෙන්ම මෙම ගැටළුව සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිකම හේතුවෙනි. මේ වන විට දමිළ වැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අදහස් දක්වන්නන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වනුයේ බටහිර සහ යුරෝපීය රට වලය. ඔවුන්ට දමිළ භාෂාව කථා කිරීමටවත් නොහැකිය. ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ සංස්කෘතිය, ඔවුන්ගේ අවශ්‍යතාවයන්, බලපොරොත්තු, සිතුම් පැතුම් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති මොවුන් එල්.ටී.ටී.ඊ. ය දමිළ ජනතාවගේ නියෝජිතයා යැයි පැවසීම හාස්‍යයට කරුණකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය දමිළ වැසියන්ගේ විමුක්තිය පිණිස කිසි දිනෙක කටයුතු නොකළ බවත් ඔවුන් තමන්ගේ සුඛ විහරණය පවත්වාගෙන යාම සඳහා උදෙසා දමිළ ප්‍රජාව භාවිත කළ බවත් පහත ඡා‍යාරූප වලින් මනාව පැහැදිලි වෙයි. පහත දැක්වෙන ඡායාරූප ලබා ගත්තේ ආරක්ෂක හමුදා මෑතකදී මුදාගත් කිලිනොච්චි ප්‍රදේශයෙනි. දමිළ වැසියන්ට නිදහස ලබා දීම සඳහා යැයි පවසමින් බටහිර සහ යුරෝපයේ වෙසෙන දමිළ වැසියන්ගෙන් ලබා ගත් මුදල් වලින් කොටි නායකයන් සුඛෝපභොගී දිවියක් ගත කරමින් අහිංසක දමිළ වැසියන්ට කර ඇති විනාශය මෙම ඡායාරූප වලින් මනාව පැහැදිලි වේ.

Comments

Post a Comment

POST YOUR DOWNLOAD LINKS AND THOUGHTS HERE...

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR