මුදාගත් ප්‍රදේශවලට එන සිවිල් වැසියන්ට කරන සැලකීම ප්‍රශංසනීයයි මෙහෙම සලකන රටක් ලෝකයේ තවත් නෑ!
වන්නියට ගිය එ.ජා. නියෝජිතයා කියයි
එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් ගේ ග්රහණයෙන් මුදාගත් අහිංසක දෙමළ ජනතාව රැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින්ගෙන තිබෙන පියවර පිළිබඳව මානුෂීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් ශ්‍රීමත් ජෝන් හෝම්ස් මහතා දැඩි ප්‍රසාදය පළ කරයි.
ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය අනුව මෙහි පැමිණි ශ්‍රීමත් ජෝන් හෝම්ස් මහතා ඉකුත් සිකුරාදා වවුනියාවේ කළ සංචාරයකදී මේ බව පවසා තිබේ. එහිදී ත්‍රස්ත ග්රහණයෙන් මුදාගත් දෙමළ ජනතාව පදිංචි කැර තිබූ කඳවුරු රැසක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ගේ නිරීක්ෂණයට ලක් විය.
ව වුනියාවේ පිහිටි ලක්ෂ්මන් කදිර්ගාමර් සහන ගම්මානයට ගිය එ.ජා. නියෝජිතයා එම ජනතාවට රජය විසින් ලබාදී තිබෙන පහසුකම් පිළිබඳව ප්රශංසාත්මක ලෙස අදහස් පළ කෙළේය.
මේ අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ ඇමැති රිෂාද් බදුර්දීන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද වවුනියාවේ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රජයේ නිලධාරීන් රැසක් එක්වූහ.
ත්රස්තවාදීන් සමඟ දරුණු යුද්ධයක් කෙරෙමින් පවතින අතරතුර පවා එම ප්‍රදේශවල ජීවත්වන සිවිල් ජනතාව ගේ සුබසාධනය හා ආරක්ෂාව සඳහා මේ තරම් ඉහළින් කටයුතු කළ රටක් තමා මීට පෙර දැක නැති බවද එ.ජා. නියෝජිතයා පවසා තිබේ.
මෙහිදී අදහස් පළ කළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සුනාමි විපත සිදුවූ අවස්ථාවේදී සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වී එම අභියෝගය ජයගත් අතර වාකරේදී සිවිල් ජනතාවගේ ගැටලුව මතුවූ අවස්ථාවේදී සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව එම ගැටලුව ජයගත් ආකාරයෙන්ම මුලතිව් හි රැඳී සිටිමින් රජයේ රැකවරණ පතා එන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසාදීමට රජය උපරිමයෙන් කි‍්‍රයාකරන බවයි.
මේ අවස්ථාවට එක්වූ වවුනියාව ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියා සිටියේ මේ කඳවුරුවලට අවශ්‍ය සියලුම පහසුකම් රජයෙන් ලබාදී ඇති අතර ඔවුන් ඉක්මනින් නැවත පදිංචි කරවන අතර ඒ සෑම වැසියෙක්ම කුසලතා පිරි පුරවැසියන් ලෙස කඳවුරුවලින් මුදා හැරීමට පියවර ගන්නා බවත්ය.
සිළුමිණ ඇසුරෙනි
Comments
Post a Comment
POST YOUR DOWNLOAD LINKS AND THOUGHTS HERE...