ඉතිරි වී ඇති කොටි ඉලක්ක වෙත අඛණ්ඩ මෙහෙයුම්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ඉතිරි වී ඇති මර්මස්ථාන සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් තම මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් ඊයේ (පෙබ 13) දිනයේදී ද කටයුතු කළ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ 35 (පරන්තන්-මුලතිව්) මාර්ගයට උතුරු දෙසින් මෙහෙයුම් වල නිරත වී සිටින 58 වන සේනාංකයේ භට පිරිස් විසින් කුප්පිලාන්කුලම ප්‍රදේශයේ දී කොටි ත්‍රස්තවාදීන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී ත්‍රස්ත මළ සිරුරු 5ක්, ටී 56 ගිනි අවි 5ක් ද සමගින් සොයා ගැනීමට භට පිරිස් සමත් වී තිබේ. මීට අමතරව ඉදිරි ආරක්ෂක වළල්ලේ මෙහෙයුම් වල නිරත වී සිටින ස්නයිපර් ප්‍රහාරකයින් විසින් ද ත්‍රස්තවාදීන් 5 දෙනෙකුට ප්‍රහාර එල්ල කොට මරා දමා ඇත.

විශ්වමඩු ප්‍රදේශයේ තව දුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින යුද හමුදාවේ 57 වන සේනාංකයේ භට පිරිස් ඊයේ දිනයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් ටී 56 ගිනි අවි 2ක්, එම්පීඑම්ජී උණ්ඩ පෙට්ටි 17ක්, මි.මී. 12.7 වර්ගයේ උණ්ඩ පෙට්ටි 19ක්, සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 50ක්, ටීඑන්ටී වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කි.ග්‍රෑ. 8ක් සහ මීටර් 200 ක් දිග සේවා නූල් සොයා ගැනීමට සමත් වී ඇත.

මේ අතර කාර්ය සාධක බළකා 2 සහ කාර්ය සාධක බළකා 4 ට අයත් භට පිරිස් විසින් ද දිනය තුලදී ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයන් රැසක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

Comments

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM