පුතුකුඩිඉරුප්පු බටහිරින් තවත් අවි ආ‍යුධ තොගයක් හමුවේ

2 කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාන්විතයන්ගේ නිරත 621 හා 622 බලසේනා විසින් ඊයේ (පෙබරවාරි 24) දින සිදු කරන ලද සෝදීසී මෙහෙයුම් වලදී අවි ආයුධ තොගයක් සොයා ගනු ලැබ ඇත.

ආර්.පී.ජී. පතුරම් 1 ක්, ටී-56 පතුරම් 500 ක්, අත්බෝම්බ 3 ක් හා ට්‍රැක්ටරයක් ඊයේ උදෑසන පානයිනින්ඩන්කුලම් ප්‍රදේශයේදී 621 බලසේනාවට අයත් 7 ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් අනාවරණය කර ගනු ලැබිණි.

ඒ අතර, පුතුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට අයත් දෙවන හා තෙවන ආරක්ෂක සීමා ආසන්නයේ සෝදීසි මෙහෙයුම් සිදු කළ 18 විජයබා බල ඇණියට අයත් භට පිරිස් යතුරු පැදියක් හා ජනක යන්ත්‍ර 2 ක් අනාවරණය කර ගෙන ඇත. මින් එක් ජෙනරේටරයක් කිලෝවොට් 0.3 ක් ද අනෙක කිලෝවොට් 0.5 කද ධාරිතාවයෙන් යුතුවිය.

18 විජයබා භට පිරිස් විසින්ම එදින සවස් යාමයේදී පුතුකුඩිඉරුප්පු බටහිර ප්‍රදේශයේදී ටී-56 ගිනි අවියක් හා වතුර පෝම්පයක් අනාවරණය කර ගැනීමට සමත් වූ බව වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

Comments

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM