Our Heritage - පොළොන්නරුව


ශ්‍රී ලංකාවේ රාජධානි අතුරින් දෙවන ඵෙතිහාසික රාජධානිය වන පොළොන්නරුව රාජධානිය 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු පළමු විජයබාහු රජු විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමභාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමභාහු රජු සමත් විය.

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල පරාක්‍රමභාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.

for more...

Comments

Popular posts from this blog

Pandorum (2009) TS HQ XviD-FUSiON

M.O.P - Foundation 2009-VAG

Cakewalk Pyro AudioCreator v1.5.2-AiR