Our Heritage - ඇම්බැක්කේ ලී කැටයම්




ඇම්බැක්කේ දේවාලය ශ්‍රී ලාංකේය කැටයම්කරුවාගේ ශිල්පීය දක්‍ෂතාව විදහාපාන තවත් එක් ස්ථානයකි.මධ්‍යකාලීන සමයට අයත් දැවයෙන් කරන ලද මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන්ට කැපකරන ලද දේවාලයක් බව සදහන් වේ.මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවරට අයත් වෙලම්බොඩ නම් ග්‍රාමයේ මෙම දේවාලය පිහිටුවා ඇත.ගම්පොල රාජධානියේ (ක්‍රි.ව 1371) පාලකයකුව සිටි iii වන වික්‍රමඛාහු රාජ්‍ය සමයේ (1358-1374) මෙම දේවාලය ඉදිකරන ලද ඛව සදහන් වේ.දේවාලය ඉදි කිරිමේ නිමිත්ත පිළිඛද ජනශ්‍රැතියෙහි විවිධ අදහස් පවති.ඒ සම්බන්ධයෙන් බලන විට සිංහලෙන් ලියැවුණු "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය ග්‍රන්ථයෙහි මේ පිළිබඳ විවිධ තොරතුරැ ඇතුළත් වේ.ඒ අනුව මෙම චිරන්තන පාරම්පරික ඵසේම අලංකාර කැටයම් නිර්මාණ ශිල්පියා ලෙස සදහන්ව ඇත්තේ "දෙල්මඩ මූලාචාරි" නම් ශිල්පියාය.III වන වික්‍රමඛාහු රජුගේ බිසවක වූ හෙනකදබිසෝ සිහිවිම සදහා නිර්මාණය කරන ලද මෙය මහනුවර රාජධානි සමයේ අලුත්වැඩියා කරන ලදි.දේවාලයේ සියලුම නිර්මාණ සදහා ගම්මාලු ,බුරැත,නා,හල්මිල්ල යන ලී වර්ග යොදා ගෙන ඇත.

for more...

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

Michael Jackson: Life Of A Superstar (2009) DVDRip XviD-VoMiT