Our Heritage - කැළණිය




කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.

කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය.එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය.කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි.කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.

තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛාත බෞද්ධයන් අමතක නොකරති. කැළණි විශ්ව විද්‍යාලය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

for more...

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW