චලෙයි දකුණු ප්‍රදේශයේ ගැටුම් වලින් කොටි ත්‍රස්තවාදීන්ගේ මළසිරුරු 150කට වැඩි ගණනක් සොයාගනී








මුලතිව් යුද පෙරමුණේ ච‍ෙලයි දකුණු ප්‍රදේශයේ සහ පුදුමාතලන් ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු 05) සිට ඇතිවූ ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 200කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් බරතල තුවාල ලබා ඇති අතර, මළසිරුරු 150කට වැඩි ප්‍රමාණ‍යක් භට පිරිස් විසින් මේ වන විට සොයාගෙන ඇත.

මෙම සාර්ථක ප්‍රහාරය 58 වන සේනාංකයේ භට පිරිස්, 55 සේනාංකය, විශේෂ කාර්ය බළකාය සහ කොමාන්ඩෝ භට පිරිස් ඒකාබද්ධව එල්ල කළ අතර, ප්‍රහාරයෙන් අවි ආයුධ විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.

චලෙයි දකුණු ප්‍රදේශයේ යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල බිද දමමින් ඊයේ (මාර්තු 08) ඉදිරියට ඒමට උත්සාහ කළ ත්‍රස්වාදීන්ට භට පිරිස් විසින් එල්ල කල දැඩි ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තවාදීන් 100 කට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.

චා‍ෙලයි ප්‍රදේශයේ සිට ඉදිරියට ඇ‍ඳෙන භට පිරිස් සිටින ඉදිරි ආරක්ෂක වළල්ල බිඳහෙලීමට යුදමුක්ත කලාපයේ වූ පුදුමාතලන් වෙරළ තීරය දිගේ පැමිණි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දැඩි උත්සාහයක නිරත විය. යුද බිමේ බුද්ධි අංශ වාර්තා සහ ගුවන් සංඥා මඟින් තහවුරු කරගත් තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ පැමිණීමේ අපේක්ෂාවෙත් භට පිරිස් හොද සූදානමකින් සිට ඇත. මෙහිදී 58 වන සේනාංකය සහ විශේෂ කාර්ය බළකාය රැකසිට එල්ල කල ප්‍රහාරයෙන් කොටි ත්‍රස්තයන් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇත.

භට පිරිස් එල්ලකල දැඩි ප්‍රහාරයෙන් අන්දමන්ද වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පළාගියේ තම සගයන්ගේ මළසිරුරු මෙන්ම ප්‍රබල අවි ආයුධ හා සංනිවේදන උපකරණ ද අත්හැර දමමිනි. මෙහිදී එල්.ටී.ටී.ඊ. මළසිරුරු 45ක් පමණ කළපුවේ පාවෙමින් තිබියදී භට පිරිස් විසින් සොයා‍ෙග තිබේ.

මෙම අසාර්ථක ප්‍රහාරය මෙහෙයවූයේ එල්.ටී.ටී.ඊ. යේ දැනට ඉතිරිව සිටින ලෝරන්ස්, ස්වර්ණම්, ගෝපිත්, ජෙරී සහ වෙනත් එල්.ටී.ටී.ඊ. ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් විසිනි.

Comments

Popular posts from this blog

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW