ජීවිතය කියන්නේ ඇත්තත‍ටම මොකද්ද?

ජීවිතය.. ඉපදෙනවා කනවා, බොනවා, ඊ‍ට පස්සේ මැරෙනවා, ඇත්තටම ජීවිතය කියන්නේ ඒකද? සමහරැනම් අද මැරැනත් කමක් නැහැ ආතල් එකේ ඉන්නවා කියලා අරක්ක ටිකක් බීලා ‍‍ජොලියෙ ඉන්න හදනවා. තවත් සමහරැ කවදාවත් මැරෙන් නෑ වගේ සල්ලි දේපල පස්සේ පන්නනවා. තවත් කට්ටියක් දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නවා. මේ ක‍ට්ටිය අතරින් තව මග හැරැනු කොට්ඨාසත් බොහොම ඇති.

ඒ මොනවා වුනත් ජීවිතය කියන එනට නියම අර්ථ කථනයක් දෙන්න කාටවත් පුලුවන් වෙලා නැහැ තාම. මම හිතන විදියට ඒකට හේතව ජීවිතය කියන එක සාපේක්ෂ හින්දා. මම ජීවිතය දකින විදිය‍ට නෙවෙයි ඔයා ජීවිතය දකන්නේ. ඒත් ජීවිතයේ හැමෝටම පොදු ලක්ෂණත් නැතව නොවෙයි. දැන් බලන්න ආදරය ගැන. ඒක හැමෝටම පොදුයි නේද? කවදාවත් ආදරය කරල, ලබලා නෑ කිවුවත් අඩුම ගානේ එක විනාඩියකට හරි අපි කාටහරි ආදරය කරල තියෙනවා නේද? ඇත්ත ඒකයි.

තවත් ආදරය වගේ අපි හැමෝටම පොදු දේවල් ගොඩත් ජීවිතයේදී අපිට දකින්න, අහන්න, විදින්න සිද්ධ වෙලා තියෙනවා.

මොනවා වුනත් ජීවිතය කියන්නේ විදින්න ඕන දෙයක් මිසක් විදවන්න ඕන දෙයක් නම් නෙමේ යාලුවනේ. ජීවත් වෙලා ඉන්න ටික වෙලාව හරි කාට හරි උදවුවක් කරලා, කාගේ හරි හිත සනසල, හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න එක තමා වටින්නේ. එහෙම නේද? ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවනම් එවා අපි හැ‍මෝම එක්ක බෙදාගමු ....

Comments

Post a Comment

POST YOUR DOWNLOAD LINKS AND THOUGHTS HERE...

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

The Taking Of Pelham 123 DVDRip XviD-ARROW