ඔබටත් විදේශ ගමන් බලපත්‍රයක් තිබෙනවාද?



ගමන් බලපත්‍රයක් ගැන මුලින්ම සදහන් වෙන්නේ හීබ්‍රෘ බයිබලයෙහිය. ක්‍රි. පූ. 450 වසරේ පර්සියානු ර‍ජෙක් වෙත පැමිණි තවත් දේශයකට යාමට අවසර ඉල්ලා සිටියේය. රජු ඔහුට කරදරයක් නොමැතිව යන්නට ඉඩ දෙන්නැයි ලිපියක් දුන්නේය. එය ප්‍රථම නිල නොවන ගමන් බලපත්‍රය ලෙස හැදින්විය හැකිය. රටකින් තවත් රටකට යන විට මේ පැමිණෙනුයේ තම රට වැසියෙක් බවත් ඔහුට කරදරයක් නොමැතිව යන්නට ඉඩ දෙන ලෙස‍ටත් එම ගමන් බලපත්‍රයෙන් අපේක්ෂා කෙරේ. මිසර රාජ්‍යයේ වැසියන්ට මෙවැනි ලිපි රජවරැන් විසින් ලබා දුන් බව කියවේ.

ගමන් බලපත්‍රයක් ලෙසට අද සලකනු ලබන ලියවිල්ලකට සමාන වාර්ථා හා විධිමත් ලියවිල්ලක් ප්‍රථම වරට සම්පාදනය වූයේ 14 වන සියවසේදීය. V වන හෙන්රි රජු එංගලන්තයේ පාලනය කරනු ලැබූ සමයේ ගෙන ආ 1414 ලියවිල්ලෙන් ගමන් බලපත්‍ර එලි දැක්විණි. ආරක්ෂිත වැඩ පිලිවෙලක් ලෙස හැදින්වූ මෙම ලියවිල්ලෙන් ගමන් කරන්නාට මෙන්ම ඔහු යන රටේ අයගෙන්ද ඇතැම් කාරණා අපේක්ෂා කරන ලදී.

ජාතීන්ගේ සංවිධානය මගින් විදේශ ගමන් බලපත්‍රයන් නිකතව ගැන 1920-1926-1927 යන වසර වල ජාතීන් සමග සාකච්ඡා වුනි. අතීතයේ ගමන් බලපත්‍රයක් අත්‍යාවශ්‍යම කාරණයක් නොවුණි.

1963 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් ගවන් සේවා සංවිධානය විසින් වඩාත් ප්‍රමිති හි සංවිධානාත්මක විදේශ ගමන් බලපත්‍ර නිනත් කිරීම ගැන ඒකාබද්ධ වැඩපිළීවෙලක් සකස් කරන ලදී. මුල් කාලයේ විදේශ ගමන් බලපත්‍රයේ පුද්ගලයා පිළිබද තොරතරැ ඇතලත් වුවත් ඡායාරෑපයක් ඇතලක් වූයේ නැත. පසු කලෙක එයද ඇතලත්ව අද එහි ඇති වූ ඇතැම් වංචාසහගත ක්‍රියා මැඩලීමට නවතම ක්‍රම අනුගමනය කරමින් විදේශ ගමන් බලපත්‍රය නිකතව සිදු කෙරේ.

විදේශ ගමන් බලපත්‍ර අතර සාමාන්‍ය සංචාරක බලපත්‍ර, නියාමන බලපත්‍ර, රාජ්‍ය තාන්ත්‍රීක ගමන් බලපත්‍ර, හදිසි ගමන් බලපත්‍ර, සමූහ ගමන් බලපත්‍ර, පවුල් ගමන් බලපත්‍ර ආදී වශයෙන් වර්ග රැසක් ඇත. මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගමන් බලපත්‍ර, ආදර්ශ ගමන් බලපත්‍ර ආදී වශයෙන් ද වර්ග කර ඇත. තානාපති නොහොත් රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙනු ලබන්නනේ විශේෂීත රාජකාරීන් සදහා වන අතර එමගින් නිදහසේ ගමන් කිරීමට හැකියාවක් නැතැයි සැලකේ.

රටක විදේශ ගමන් බලපත්‍රයක් දෙනු ලබන්නේ තමන්ගේ රටේ පුරවැසියෙක් බව තහවුරැ කිරීමටය. තවත් රටකට ඇතලු විය හැක්කේ එම රටින් දෙන වීසා අවසරයක් මතය.

භාෂා කිහිපයක් භාවිතා කරන රටවල් විදේශ ගමන් බලපත්‍ර එම භාෂාවන් සියල්ලම දැකිවේ. ඇතැම් රටවල විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඇතැම් ප්‍රකාශණ වලටද අත්සන් තැබිය යුතය. උදා-(පාකිස්ථානය)

සෑම පුරවැසියෙක්ටම තබා ගත හැක්කේ එක් විදේශ ගමන් බලපත්‍රයක් පමණී. එහෙත් විශේෂ වු අවස්ථාවක දී තවත් බලපත්‍රයක් ලබා ගැනීමට අවසර දෙනු ලැබේ.

(මූලාශ්‍රය - ලක්බිම)

Comments

Popular posts from this blog

Wrong Turn 3 Left for Dead 2009 STV DVDRip XviD-GFW

Pandorum (2009) TS HQ XviD-FUSiON