බ්ලොගයකට නව මුහුණතක් දැමීම...

අපේ කට්ටිය ගොඩක් ආස කරන ඒත් කරන්න දන්නැති දෙයක් තමයි මේ කියන්න හදන්නේ... ඉංග්‍රීසියෙන් ලියල තියෙන බ්ලොග් වල නම් මම අනන්තවත් මේක කියලා තියෙනවා දැකලා තියෙනවා නමුත් සිංහල බ්ලොග් වලනම් මම දැකලා නෑ මේ ගැන විස්තර තියෙනවා. මාත් මේදේ දන්නැතුව ගොඩක් කට්ටක් කෑවා. මම හිතුවා මම කාපු කට්ට අනිත් අයට දෙන්න ඕනේ නෑ කියලා. ඒක හින්දා මම දැන් කියන්න හදන්නේ බ්ලොග් එකක තීම් එක හෙවත් ටෙම්පුලීට් එක වෙනස් කර ගන්න හැටි.


මුලින්ම කරන්න ඕනේ අලුත් තීම් එකක් හොයා ගන්න එක මේන්න. මේ දීලා තියෙන අඩවියට ගිහිල්ලා ඔයාට කැමතියි කියලා හි‍තෙන තීම් එකක් තෝරා ගන්න.



ඊට පස්සේ කරන්න තියෙන්නේ එතනින් තෝර ගත්ත තීම් එක බා ගන්න.



බා ගත්ත තීම් එක .rar හරි .zip යන කම්ප්‍රෙෂන් ගොනු විදියට තියෙන්නේ. මේවා කම්ප්‍රෙෂන් ටූල් එකකින් ඹිපන් කරගන්න. ඒ ගොනුව ඇතුලේ තියෙනවා .xml වර්ගයේ ගොනුවක්. ඒක නෝට් පෑඩ් එකකකින් ඕපන් කරන්න. එය ඔබට මේ විදියට පෙනේවි.


දැන් ඕපන් කරපු නොට් පෑබ් එකේ තියෙන සියල්ලම කොපි කරන්න.

දැන් ඔයාගේ බ්ලොගේ Layout ටැබ් එක ඕපන් කරගෙන ඒකේ තියෙන Edit HTML ටැබ් එක ඕපන් කරගන්න.


ඒකේ තියෙන Edit Template කියන ටෙක්ස්ට් බොක්ස් එකට කලින් ‍කොපි කරපු නොට් පෑඩ් එක පේස්ටි කරන්න.



ඊට පස්සේ ඒකට යටින් තියෙන save Template ක්ලික් කරන්න.

දැන් ඔබ අලුත් තීම් එකක් දා ගෙන තියෙන්නේ.

(පොඩ් දැනුවත් කිරීමක් තියෙනවා - අලුත් තීම් එක දැම්මඑම ඔබ කලින් බ්ලොගේ දාලා තිබ්බ ලින්ක් ලිස්ට් එහෙම නැති වෙනවා. ඩිලීට් වෙන ‍දේවල් වල ලිස්ටි එකක් සේව් කරද්දි අහනවා. ඔබ කැමතිනම් විතරක් confirm කරන්න.)




Comments

Popular posts from this blog

Love Aaj Kal 1CD DVDrip Xvid MP3 2009

Scrubs S07 DVDRip XviD-ORPHEUS

30 Rock S04E03 Stone Mountain HDTV XviD-FQM